රෑ එක හමාරට විතර ඇති..රෑ කිව්වට මොන රෑද මහ පාන්දර..තාත්තත් එක්ක රණ්ඩු උන කේසරට ඒ ගෙදර තව එක මොහොතක්වත් ඉන්න බැරිවෙද්දි වෙලාව සත පහකට ගනන් නොගෙන කේසර පුලුවන් තරම් ඉක්මනට කොළඹින් පිටත් උනේ එයාගෙ සැනසීම හොයගෙන යන්න..
කම්මුලේ පැත්තක් රත ගැහිලා..කේසරගෙ ඇස් බොද කරගෙන කදුලු කැට ඔහේ ඒ රතු උන කම්මුල් දිගේ ගලාන යනවා..ඒත් කේසරට ඒ ගැන වගේ වගක් නෑ ඩ්රයිව් කරන ගමන් එයා ලොකු කල්පනාවක..
ගමට එද්දි පාන්දර හතරටත් ලං වෙලා තිබුනත් පැය ගානක් කොළඹ ඉදන් එක දිගට ඩ්රයිව් කරන් ඇවිත් කේසර කෙලින්ම ගියෙ දිනූගෙ ගෙදෙට්ට..
" දිනූ..මේක අරිනවා.."
" දිනූ.."
" ඇරපන් මිනිහෝ මේක.."
" එයි.."
ආව ගමන් කේසර කරේ දිනූගෙ ජැනේලෙට ගහන ගමන් එයාට කතා කරපු එක..දිනූ ඉන්නෙ තද නින්දක ඒත් එයාට හීනෙන් වගේ කේසරගෙ කටහඩ ඇහෙන්න ගද්දි එයා ඉක්මනට නැගිටලා ගිහිම් ජැනේලෙ ඇරියෙ දෙගිඩියාවෙන්..
" කේසර..ඔයා.."
" එහාට වෙනවා.."
දිනූවත් තල්ලු කරන් ජැනේලෙන් කාමරේට පැන්න කේසර ඇදේ ඉදගෙන අත් දෙකෙන්ම එයාගෙ කොණ්ඩෙ ඇද ගද්දි තාමත් නිදි මතෙ ඉන්න දිනූ මේ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව ආපිට ජැනේලෙ වහලා කේසර ලගට ලං උනා..
" මොන පිස්සුවක්ද නටන්නෙ කේසර මේ මහ පාන්දර.."
" ඇයි මේ..මොකක්ද ප්රශ්නේ.."
දිනූ කලබලෙන් කේසරගෙන් ප්රශ්න අහද්දි ඒ ප්රශ්නවලට උත්තර දෙනවා වෙනුවට එයා කරේ නැගිටලා ඇවිත් දිනූව පුලුවන් තරම් තදින් බදා ගත්ත එක..
" කේසර මොකක්ද ප්රශ්නෙ කියන්නකො..ඇයි රත්තරං මේ.."
" ප්රශ්න අහන්න එපා මගෙන්..මට මෙහෙම ටිකක් ඉන්න දීපන්.."
" මාව බය කරන් නැතුව ඇයි කියන්නකෝ.."
" කිව්වා නේ උබට ප්රශ්න අහන්න එපා කියලා.."
සැරෙන් කිව්වත් දිනූට ඒ කට හඩේ ඊට වඩා බර ගතියක් දැනෙද්දි මුකුත් නොකියා එයත් කේසරව තදින් බදා ගත්තා..ඒ පමාවට මොහොතකට නතර වෙලා තිබ්බ කදුලු ආයෙත් පල්ලම් බහින්න ගත්තේ දිනූගෙ උරහිස තෙත් කරගෙන..
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romance" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..