Part 19 ✽

437 39 3
                                    

" ලොකු පුතා.."

" ම්හුක්.."

දිනූගෙ අම්මා කාමරේ දොරට ගහන කමන් කතා කරද්දි දිනූ කෙදිරි ගාගෙන නින්දෙන්ම එයා ලග ඉන්න කේසරව බදා ගත්තා..

" ලොකු පුතා මේ දොර අරින්න අවුරුදු දවසෙ ඔහොම නිදන් හිටියම හරිද.."

" අනේ..කෑ ගහන් නැතුව යන්නකෝ.."

දිනූ කේසරගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගද්දි කේසරත් අඩ නින්දෙන්ම දිනූව බදා ගත්තා..

" නැගිටලා දොර ඇරපන් ලොකු පුතා..මං ආයෙ කියන් නෑ උබට.."

අම්මා කලින්ටත් වඩා හයියෙන් කෑ ගහද්දි දිනූ අමාරුවෙන් ඇස් අරිනවත් එක්කම දැක්කෙ එයාව බදාන ඉන්න කේසරව..

" shiiiiiyaaa..කේසර...ඒයි නැගිටිනවා මිනිහෝ.."

" ම්ම්ම්..නිදා ගන්න දෙන්න.."

" ශ්...කෑ ගහන්න එපා යකෝ සද්ද නොකර නැගිටිනවා අම්මා කතා කරනවා..ඒයි.."

දිනූ කලබලෙන් කේසරට ගහ ගහා එයාව ඇහැරවන්න උත්සාහ කරත් කේසර ආයෙත් දිනූව තුරුල් කරන් නිදා ගන්නවා..

" ආව්ව්ව්....."

" ශ්..ශ්..."

බැරිම තැන දිනූ කේසරගෙ අත රිදෙන්නම හැපුව පාර කේසර කෑ ගහන් නැගිටිද්දි දිනූ එයාගෙ කට වැහුවා..

" ලොකු පුතා.."

" අම්මා නේද.."

" අම්මා තමා මෝඩයෝ..මට නින්ද ගියාම යනවා කියලා මොකටද මෙතනම නිදා ගත්තේ.."

" නින්ද ගියා ඉතින්.."

" හරි හරි ඉක්මනට දැන් ජනේලෙන්වත් පැනලා යනවා.."

කලබලෙන් ඇදෙන් නැගිට්ට කේසර ජනේලෙ ලගට ගියත්..

" සෙව් ඉන්නවා මිදුලේ.."

ජනේලේ ලගටම වෙලා මිදුල අතු ග ගා හිටිය දිනූගෙ නංගි දැක්ක කේසර ආපහු අඩියක් පස්සට තියද්දි දිනූ අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇද ගත්තා..

නින්ද යන් නැති මිනිස්සුන්ව නිදි කරලා යන්න ආව කෙනාටත් හොදටම නින්ද ගිහින් වෙද්දි..ආවා වගේම හොරෙන් එළියට පැන ගන්න බැරුව කේසර දැන් දිනූගෙ කාමරේ හිර වෙලා..

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now