Part 18 ✽

416 35 1
                                    

කොකිස් යුද්දේ දිනූගෙ ප්‍රධානත්වයෙන් ඉවර වෙලා ගියාට දිනූනම් ඉන්නෙ තාම මූණ එල්ලන්..

" මොකද බං ඔය.."

කේසකර ඇහුවේ එළියෙ බංකුවේ ඉදන් ඉන්න දිනූ ලගින්ම වාඩි වෙන ගමන්..

" දිනූ.."

කේසර එයාට කොච්චර කතා කරත් දිනූ ඉන්නෙ කේසර දිහා නොබලා ඔහේ වෙල දිහා බලාන..

" ඇයි දැන් තරහා වෙලා..ම්ම්ම්..මං අත පුච්ච ගත්ත එකටද.."

" ඒක දැන් හොදයි නේ..ඔයා එක එක ඒවා ගෑවනේ එකේ.."

" දිනූ.."

" උබ කතා කරන් නැද්ද දැන්..හා හිටපන්කො එහෙනම් ඔහොම.."

දිනූට කොච්චර කතා කරත් එයා කේසර එක්ක කතා කරන් නැති නිසා කේසරත් අනිත් පැත්ත හැරුනා..බංකුවට වෙලා ඉදන් දෙන්නා දෙපැත්ත බලාගෙන..ඒත් ඉතින්..

" ම්ම්ම්ම්ම්.."

" කේසර..."

නොහිතූ වෙලාවක දිනූගෙ කම්මුල එබෙන්නම කේසරගෙන් හම්බුන ආදරණීය හාදුව නිසා දිනූ කම්මුලත් අල්ලන් ඇස් දෙක බෝල කරන් කේසර පැත්තට හැරුනා..

" මොකද කරන්නෙ අර ළමයි දෙන්නත් ඉන්නවා.."

දිනූ කිව්වෙ මිදුලට වෙලා කියව කියව ඉන්න දෙව්යි විනෝදුයි දිහා බලාන..

" මරු ළමයි දෙන්නා..මෙන්න මෙහෙ එනවා.."

කේසර දිනූව ලගට අරන් දිනූගෙ පිට එයාගෙ පපුවෙන් හේත්තු කර ගත්තා..

" සුවදයි.."

" මං ලග කොහොමත් සුවදයි නේ.."

" ම්ම්ම් ඒක තමා නේද.."

" කේසර.."

" ඇයි මැණික.."

" ඔයාට කියන්න දෙයක් තියනවා.."

දිනූ කේසරගෙ අතක් අල්ලන් ඇගිලි එක්ක සෙල්ලන් කරන්න ගත්තා..

" කියන්න ඉතින් මොකක්ද.."

" පබසර එනවලු රෑ වෙලා..අපි මොකද කරන්නෙ එතකොට.."

දිනූගෙ කතාවට කේසර පිට කරේ දිග හුස්මක්..

" රශ්මිකට කියන්න වෙයි එහෙනම්.."

" එයාට අව්ල් යයි නේ.."

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now