හිමිදිරි උදෑසනේ ආපහු ගෙදර ආවෙ කේසර වෙද්දී විනෝද්ගෙ ඇද උඩ හතර ගාතෙ දාල ඉන්න තුන් දෙනා දැකල එයාට හුස්ම ගන්න පවා අමතක උනා..අත්කකුල් ඇදේ දෙපැත්තෙන් එල්ලන් ඉන්න සර්රුයි දෙව්මියයි එක්ක දෙන්නගෙම ඇග උඩ හරහට ඉන්න විනෝද්..රෑ එළි වෙනකන් ඩ්රාමා බලල තුන් දෙනාට හතරගාතෙ දාල නින්ද ගියෙ කොයි වෙලාවෙද කියන්න එයාලවත් දන්නෙ නෑ..තාමත් ලැප් එකේ මොනාදෝ ප්ලේ වෙන ගමන්..පොඩ්ඩො දෙන්න විතරක් මෙහෙම හිටියට කේසර එච්චර ප්රශ්නයක් නොව්නත් සර් මෙහෙම ඉන්න එක ගැනනම් කේසරට තියෙන්නෙ ලොකු ප්රශ්නයක්..
" ඒයි විනෝද් නැගිටිනවකෝ.."
අනිත් දෙන්නට ඇහැරෙන්න නොදී ඇද ලගට ලන් උන කේසර මල්ලිට ඇගිල්ලෙන් අනින ගමන් කතා කරාට ඇහැරින පාටක්නම් නෑ..
" අනේ හු#ත මල්ලි නැගිටපන්කෝ.."
" ම්හුක්..දෝ ගන්න දෙන්නකෝ.."
කතා කරේ මල්ලිට උනාට දෝ ගන්න දෙන්නකෝ ගෑවෙ සර්.." shiiiyaaaaa..අනේ නැගිටපන්කො මල්ලී.."
" ඇයි අප්පා.."
"oops..ඔයා ආවද හී හී.."
" මේ සර් මොකද මෙහෙ ඒකත් මෙහෙම.."
" ආ..එයා මේ.."
" කෑ ගහන්න එපා මිනිහෝ ඇහැරී එයා.."
" ඉතින් දැන් ඇහැරින්න ඕනි නේ..ඒයි දෙව් නැගිටූ...සර් නැගිටින්න නැගිටින්න.."
" ම්හුක්.."
" උහුක් උහුක් නෙවේ එලි වෙලා නැගිටින්න සරෝ..."
" සර්ට තව ටිකක් නිදා ගන්න දෙන්න විනෝද්..අහ් කේසර අයියා ඔයා ආවද.."
ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ටෙ දෙව් උනාට සර්ටනම් දැන්ම නැගිටින පාටක් ඇත්තෙම නෑ.." එයාට නිදා ගන්න දෙන්න විනෝද් ඔය දෙන්න එන්නකෝ.."
විනෝද් වගේම දෙව් නැගිටිද්දි ඇදේ මැද්දටම පෙරලිලා බෙඩ් ශීට් එක අස්සෙ ගුලි උන සර්ට එහෙම්ම ඉන්න ඇරල අනිත් තුන් දෙනා කාමරෙන් එලියට ආවා..
" විනෝද් මොනාද තුන් දෙනා එක්ක ඊයෙ රෑ කරේ අහ්.."
" ඊයෙනම් මචන් මුලින්ම පූස් හොල්මනක් ආව නිසා මං බය වෙලා දෙව්ට එන්න කිව්ව ඊට පස්සෙ අපි දෙන්න හොල්මන් ෆිල්ම් එකක් බල බල ඉද්දි සර් ඇවිල්ල හොල්මන් කරා..ඊට පස්සේ සර් කාරයත් ඇවිල්ල මගේම බෝට්ටුවෙ කියල දැන ගත්තම අපි k ඩ්රාම එකක් බැලුවා..වැඩේ කියන්නෙ නින්ද ගියෙ කොයි වෙලාවෙද කියලනම් මතක නෑ හලෝ.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romance" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..