" මොකද උබලා දෙන්නා හොර වැඩක් කරා වගේ.."
විනෝද් දෙව් එක්ක ආපහු ගෙදර එනවත් එක්කම රශ්මික එයාලාගෙන් ප්‍රශ්න කරා..
හොර පූසෝ දෙන්නෙක් වගේ ඇබරි ඇබරි එද්දි කාටද සැක නොහිතෙන්නේ..දෙව් කෙසේ වෙතත් විනෝද්නම් ඉන්නෙ හොදටම රතු වෙලා..
" ආ.."
රශ්මිකට කොකිස් අච්චුව දුන්න විනෝද් ඉක්මනට එයාගෙ කාමරේට ගිහින් දොර වහ ගත්තේ රශ්මික ඒ දිහා පුදුමෙන් බලන් ඉද්දි..
" අරූට මොකද වෙලා තියෙන්නෙ මල්ලී.."
" මං දන් නෑ ඉතින්.."
" උබලා දෙන්නා අතර මො__"
" කේසර අයියා ආවෙ නැද්ද.."
රශ්මික අහන්න යන්නෙ මොකක්ද කියලා තේරුන් ගත්ත දෙව් කේසර ගැන අගලා කතාව වෙනස් කරා..
" ආවා ආවා..බාත්රූම් එකේ.."
" හා..මං අරයව බලලා එන්නම්.."
ආපිට රශ්මික ප්‍රශ්න අහයි කියලා බය උන දෙව් හේමීන් සීරුවේ විනෝද්ගෙ කාමරේට රිංග ගත්තා..
" ඒයි මොකද ඔය.."
දෙව් ප්‍රශ්න කරේ ඇදේ මුනින් අතට පෙරලිලා කොට්ටෙ මූණ හංගන් ඉන්න විනෝද්ගෙන්..
" යනවා......."
" කෝ මෙහෙ බලනවා.."
" මං බලන් නෑ යන්න ඔයා.."
" ඇයි යන්න කියන්නෙ ඉතින්.. ටිකකට කලින් මට ආදරෙයි කිව්වා නේ.."
" අනේ.........."
" ආ..ලැජ්ජා හිතිලද මෙයාට මේ.."
දෙව් විනෝද්ගෙ ඇදෙන් ඉද ගද්දි විනෝද් එයාට කොට්ටෙකින් ගැහුවත් දෙව් ඒක ඇගේ වදින්න කලින් අල්ල ගත්තා..
" ලැජ්ජා නෑ ඇයි මං ලැජ්ජා වෙන්නේ..හ්ම්ම්..ආදරෙයි තමා මෝඩයෝ..ඒ උනාට ඔයා ඇඩුවා ඈ.."
විනෝද් නැගිටලා දෙව් ලගින්ම ඉද ගත්තෙ එයාට දිව දික් කරන ගමන්..
" ඇඩුවෙ නෑ බං සතුටට ඇඩුනා.."
" ඇයි ඒ ඒයි ඔයාට සතුටූ.."
" ඔයා මට ආදරෙ නිසා.."
" ඇත්තටම සතුටුද.."
" හ්ම්ම්.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romantizm" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..