Part 15 ✽

554 39 5
                                    

" මෝඩයෙක් වගේ කෑ නොගහා ඉන්නවා විනෝද්.."

" කෑ ගහන්න..කැ ගහන්න නෙවෙයි මිනිහෝ මට අර සර් කාරයා මරන්න හිතෙනවා.."

විනෝද් වගෙම දෙව් ඉන්නෙ ඉස්කෝලේ.. පොඩි හාදයා ඔය කෑ ගහන්නේ දිනූ ලග ඉංග්‍රීසි සර් ඉන්න නිසා..

දිනූ විනෝද්ලට සිංහල උගන්නන ගමන් ඉද්දි හදිස්සියේම පංතියට ආව ඉංග්‍රීසි සර් දිනූට කතා කරලා පංතියෙන් ටිකක් එළියට එක්කන් ගියා..ඒ පස්සෙම ගිය විනෝද් දෙව් හැන්ගිලා බලන් ඉන්නෙ එයාලා කතා කරන දිහා..

" අර බලනවා දෙව් අයියගෙ දිනූගෙ ඇගෙත් ගෑවෙනවා අර මනුස්සයා.."

විනෝද් කිව්වෙ දෙව්ගෙ ශර්ට් එකෙන් අදින ගමන්..

" ශර්ට් එක පොඩි කරන්න එපා.."

" ඔයාට දැන් ශර්ට් එකද ලොකු ආ..කියනව දෙව් ශර්ට් එකද ලොකූ.."

" ඔව්.."

දෙව්ගෙ උත්තරේට තරහ ගිය විනෝද් දෙව්ට ගස්සලා අහක බලා ගත්තා..

" ඔරවන්නෙ මොකද.."

" මට ඕනි නිසා.."

" උබට මහ පිස්සු විනෝද් මෙහෙ එනවා යන්න.."

" පිස්සුද එන්නෙ නෑ මං..අයියා වෙනුවෙන් ජීවිතේ හරි පූජා කරන්න මං මෙතෙන්ටම වෙලා ඉන්නවා.."

" හා ඉන්න ඒනම් මං යනවා."

දෙව් හැරිලා යන්න ගියත් විනෝත් එයාගෙ ශර්ට් එකෙන් අල්ලලා නතර කරා..

" එතකොට ඔයා මං වෙනුවෙන් ජීවිතේ දෙන්න ඉන්නෙ නැද්ද.."

විනෝද්ගෙ වචන හමුවේ දෙව්ගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාව..

" ඇයි දැන් ඔයාට ජීවිතේ දෙන්න ඉන්නේ.."

" ඉතින් ඔයා මට කැ___"

විනෝද් කියන්න ගියදේ නතර කර ගත්තේ යටි තොල හපාන..එයාගෙ කටින් පිට වෙන්න ගිය වචනෙ එයා ගිල ගත්තා..

" මං ඔයාට මොකද ම්ම්.."

දෙව් කිව්වෙ විනෝද්ගෙ මූණට ලන් වෙන ගමන්..

" එහාට වෙනවා බූරුවෝ.."

" බෑ වෙන් නෑ.."

දෙව් විනෝද්ගෙ නහගෙ එයාගෙ නහය ගෑව්වෙ විනෝද්ගෙ කොණ්ඩෙ ටිකක් අව්ස්සන ගමන්..

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now