Part 22 ✽

418 35 0
                                    

හවස් වෙලා තිබුනත් දිනූට කේසර කතා නොකර නිසා දිනූ ඉන්නෙ ගොඩක් කලබලෙන්..කොච්චර කෝල්ස් ගත්තත් ආන්ස්වර් නෑ වගේම මැසේජ් එකක්වත් නැති නිසා දිනූ ඉවසලා බැරිම තැන කේසරගෙ ගෙදර ආවා..

" කේසර.."

" අප්පට මගෙ මස්සිනා.."

" අයියා කෝ විනෝද්.."

" අයියා කාමරේ ඒයි..එයාට වැඩ අද උදේ ඉදන් කාමරෙන් එළියට ආවෙත් නෑ.."

" අහ්..මං ගිහින් කතා කරාට කමන් නැද්ද.."

" අයියෝ මේ ගිහින් කතා කරන්න අනේ.."

විනෝද් දිනූව තල්ලු කරන් ගිහින් කේසරගෙ කාමරේට දාලා දොර වහද්දි කේසර හිටියෙ පුටුවෙ වාඩි වෙලා මේසෙන් ඔලුව තියාන..

කේසරව දැක්කම දිනූට තේරුන් ගියා ඇත්තටම කේසර ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ කියන්න..

සද්ද නොකර කේසරට ලං උන දිනූ එයාගෙ ඇගිලි කේසරගෙ කොණ්ඩ ගස් අතරින් අරන් ගියෙ හරි ආදරෙන්..

" සනීපයි දිනූ.."

නැගිටලා දිනූ දිහා බලන්නෙත් නැතුව කේසර දිනූව අදුර ගද්දි දිනූගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්..

" ඔයා නිදි නැද්ද.."

" ම්හු..ඔලුව කැක්කුමයි.."

" පැනඩෝල් වත් බිව්වෙ නැද්ද.."

" පැනඩෝල් ඕන් නෑ ඔයා ඉන්නවා නෙ දැන්.."

කේසර දිනූගෙ ඉනෙන් අල්ලලා එයාගෙ ඔඩොක්කුවෙන් ඉන්දවා ගත්තා..මේසෙට දිනූව හේත්තු කර ගත්ත කේසර එයාව බදාගෙන පපුවෙන් මූණ තියා ගද්දි දිනුත් මුකුත් නොකියා කේසරගෙ ඔලුව අත ගෑවා..

" සැනසීමයි බං.."

" මං ලග.."

" ම්ම්ම්.."

" ඒ මං ඔයාට ගොඩක් ආදරේ නිසා.."

" කොච්චරක් ආදරෙයිද.."

" ඒක මට කියා ගන්න තේරෙන් නෑ කේසර.."

" උබට මගෙ ආදරේ දැනෙනවද දිනූ.."

" හ්ම්ම්ම්..ඒ ආදරෙන් මුලු ආත්මෙම පිරිලා ගිහින්.."

" ඇයි ඕයි මෙච්චර ආදරේ හිතෙන්නේ.."

කේසරගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට දිනූ කරේ කේසරගෙ ඔලුව ඉම්බ එක..ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තර නෑ එයා ලග..ආදරේ හිතෙන්න හේතු ඕනිමද ඉතින්..

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now