Part 6 ✽

591 80 3
                                    

" දෙව් අනේ කව්ද බලන්නකෝ.."

" එනව යන්න තනියම යන්න බෑ..අයිය වෙන්න බෑද.."

" ඌ ගිය ගමන් එන්නෙ කෝමද අප්පා..මහසෝනද දන් නෑ.."

" එන්නකො යන්න.."

දොරට තට්ටු කරන සද්දෙට බය උන විනෝද් වගේම දෙව් ගියෙ කුස්සියට..දෙව් කොස්ස අතට ගද්දි විනෝද් ගත්තෙ rice cooker එකේ lid ආවෙ මොකා උනත් ගහන්න නෙවෙයි මූණ විතරක් හන්ග ගන්න..

දෙන්නත් එක්ක හෙමීට ලන්උනේ දොර ලගට..විනෝද්නම් ඉන්නෙ දෙව්ගෙ ටී ශර්ට් එකෙන් අල්ලන් එයාගෙ පිටි පස්සෙ හැන්ගිලා..

ටක්.. ටක්..

බයටම චූ යන සයිස් එක්ක තමා විනෝද්නම් දැන් ඉන්නෙ..නොකිව්වට ඉතින් දෙව්ත් ඉන්නෙ බය වෙලා..ඇයි යකෝ ඉතින් මේ මහ රෑ මොකාද දොරට ගහන්නේ අනික කතා කරන්නෙත් නෑ ආවෙ කවුරු උනත් දොරට ගහන ගමන් කතා කරන්න බැයිද..

එකයි දෙකයි තුනායි කියලා ඇගිලි තුනක් දිගෑරිය දෙව් එක පාර දොර ඇරියෙ විනෝද් ඇස් දෙක තද කරල පියාන දෙව්ගෙ ඇගේ එල්ලෙද්දි..

" ආහ්හ්හ්හ්...."

" ස් සර්..."

" දෙයියනේ මොකද ළමයි මේ.."

දොර ඇරිය ගමන් මතු උනේ මිහිගු සර් වෙද්දි තුන් දෙනාම එක පාර බෙරිහන් දුන්නා..කොසු ඉදල් අතේ තියන් ඉන්න කොල්ලො දෙන්න දැකල සර් බය උනා වගේම සුදු ඇදන් ඇවිල්ල හොල්මන් කරන සර් දැකල කොල්ලො දෙන්න බය උනා..හොල්මනක් නෙවෙයි මේ ඉන්නෙ සර් කියල අදුර ගන්න කොල්ලො දෙන්නට තප්පර ගානක් ගියා..

" අපි හිතුවෙ මහසෝන කියලා.."
විනෝද් කියනව එක්කම දෙව්ගෙ පිටි පස්සෙ හැන්ගිලා ඉන්න විනෝද්ට දෙව් දුන්නෙ මොනාද කියන්නෙ කටවහන් ඉන්න වගේ බැල්මක්..

" එන්න සර් ඇතුලට.."
දෙව්ගෙ ගෙදර වගේ එයා සර්ට ඇතුලට එන්න කියද්දි විනෝද් දැම්මෙ ස්මයිල් ඉන් පෙයින් හිනාවක්..

" විනෝද්ගෙ අයියා ඇවිල්ල ඇහුව ඔයා තනියම නිසා පොඩ්ඩක් බලන්න පුලුවන්ද කියලා ඒකයි මං ආවේ..තනියම නෙවෙයි නෙ ඒත් දෙව්මින ඉන්නේ.."

" හී හී අයිය ඒම කිව්වද..බය හිතුන නිසා මං මෙයාව ගෙන්න ගත්ත ඉතින්..ඉදගන්නකො සර්.."
මෙච්චර වෙලා දෙව් පිටිපස්සෙ හැන්ගිලා හිටිය විනෝද් සර්ට වාඩි වෙන්න කියන ගමන් එයත් ගිහින් සාලෙ තිබ්බ සෝෆ එකේ වාඩි උනා..දැන් මොකටද බය වෙන්නෙ දෙව් වගේම එයාගෙ අනාගත මස්සිනා කියල හිතන් ඉන්න සර් ලග ඉන්නව නේ..

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now