වැවට ගිය කට්ටිය ගෙදර එද්දි ගොඩක් හවස් වෙලා තිබුනා..විනෝද්ල ගෙදර ගිහින් පැය දෙක තුනක්ම ගියාට පස්සෙ තමා කේසරයි දිනුයි ගෙදර ගියේ..
" මොකද ඕයි ඔච්චර වෙලා කරේ..කෝ සර්.."
" ගෙදර ගියා.."
" ඇත්ත කියපන් දෙන්නත් එක්ක මෙච්චර වෙලා මොනාද කරේ මේ වැස්සේ.."
" මුකුත් නෑ බං එහාට පලකෝ සීතලයි.."
" මුකුත්ම නැද්ද.."
" නෑ ඕයි.."
කේසර ගෙදර එද්දිම මග බලාන හිටිය මල්ලිගෙ ප්රශ්නවලට උත්තර නොදීනම් කේසරට ගෙදර ඇතුලට යන්න උනේ නෑ..
"අයියා ඕම ඉන්නවා..මංනම් හිතන් නෑ මුකුත්ම උනෙ නෑ කියලා..යමක් වෙලා වගේ.."
" හු#තක් කියවන් නැතුව පලකෝ.."
" උබ දැන් මේක අස්සටත් එනවද.."
වැස්සෙ තෙමිල ආව කේසර ඇග පත ආයෙ ටිකක් හෝද ගන්න බාත්රූම් එකට යන්න හැදුවත් විනෝද් ඒ පස්සෙන්ම ගිහින් දොර වහන්න නොදී දොර ලග හිට ගත්තේ එයාල නැති අතරෙ වැව ලග මොනාද උනේ කියල දැන ගන්න..
" එන්න බැරි නෑ ඉතින්..උබෙ ඔය හොඩේ මං දැකල නැතුවයැ.."
" රශ්මික...මෙන්න මේකා ගනින්කො යකෝ මල වදයක් උනා නේ.."
" ඕ මේ එනෝ..."
කේසර කතා කර නිසා බාත්රූම් එක ලගට දුවන් ආවෙ රශ්මික..
" රශ්මික අයිය මූ සර් එක්ක මොනා හරි කරලා.."
" ඈ බං සිරාවට..මොනාද කරේ කියපන්කො ඉතින්.."
" මේ මොන හු#තක්ද තෝත් පටන් ගත්තද ඒ පාර අයින් වෙයන් යකෝ දොර වහන්න.."
ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක් නේ ඒක..අන්තිමට ඉගුරුයි මිරිසුයි දෙකම කේසරට කරදර කරන්න ගත්තේ මොනාද උනේ කියන්න දෙන්නගෙන හිතේ තිබ්බ කුතුහලය නිසා..
"අයියෙ අනෙ කි__ වැහුව නේද.."
දෙන්නවම දොර ලගින් එහාට තල්ලු කරපු කේසර බාත්රූම් එකට ගිහින් දොර ඕපදූප හොයන්න එන දෙන්නගෙ මූණටම වහක දැම්මා..
" රශ්මික අයියා..යමක් වෙලා තියනවා මූ අපිට කියන් නෑ..උබ දැක්කෙ නෑ නේ ගෙදර ආවෙ පැණි හිනාවක් දාගෙන මං කතා කරපු ගමන් මූන වෙනස් කර ගත්තා.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romantizm" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..