~ 02 ~

1.7K 205 62
                                    


" මල්ලි මේ අහනව.."

" කියනවා ඉතින් කියන දෙයක් ඉක්මනට..."

" මේ ඉස්කෝලෙදිවත් චරිතෙ කා ගන්නෙ නැතුව වැදගත් විදිහට හැසිරෙනවා..අර අහින්සක අම්මගෙයි අප්පච්චිගෙයි මූණෙ ආයෙත් දැලි ගාල උබ මේ අයියගෙ අතට නම් අහුවෙන්න එපා හරී.........."

" හරි මගෙ බුදු අයියෙ..දැන් මට හොදටම පරක්කු වෙලා තියෙන්නෙ තවත් ඔයාගෙ වැදි බණ අහන් ඉන්න බෑ අප්පා..."

" යනවා යනවා ඉතින් ඇතුලට...."

ගේට් එක ඉස්සරහ මාව තියන් අයිය පන්සීය පනස් ජාතකය දිගාරිද්දි මම එයාට ශේප් එකක් දාල ගේට් එකෙන් ඇතුලට ගියෙ ආයෙ බැල්මක්වත් අයියට නොදී...

එක බලු බල්ලෙක් එලියෙ තියා ඉස්කෝලෙ ඇතුලෙත් පේන්න නැති වෙද්දි මම අතේ තිබ්බ වොච් එකෙන් වෙලාව බැලුවෙ නිකමට වගේ...

7:40 AM

හරිනෙ ඔය තියෙන්නෙ අම්මට සිරි වෙන්න.. වෙලාව හතාමාර පහු වෙලා කියල දැක්කම මගෙ ඇඟම අයිස් කැටයක් තරම් සීතල වෙලා ගියා...අද මේ ඉස්කෝලෙට ආපු පලවෙනි දවසෙම ගූ නාගන්න හදන්නෙ කියල හිතෙද්දිත් මගෙ කකුල් වෙව්ලන්න ගත්තෙ අම්මගෙ කාලි වැහුන මූණ මතක් වෙලා.

අප්පච්චි අම්මට ලව් කරන කාලෙ දුන්න පලවෙනි ගිෆ්ට් එක තමයි රත්තරන් චේන් එකක්.. ආන් ඒක හූල්ල හූල්ල උකස් තියල තමයි මාව මේ ඉස්කෝලෙට එයාල දැම්ම...ඒ තරම් කැප කිරීමක් කරල ඉස්කෝලට එයාල දැම්මයින් පස්සෙ මම අදම ටිකට් අටපට්ටම් කර ගත්තොත් එහෙම මාව අම්ම නම් උල තියයි කියල මගෙ මේ පුංචි හිත දන්නවා..

" හෝව් හෝව් මල්ලි.. කොහෙද මේ යන්නෙ......"

මම ඉක්මනට පන්තියට යන්න හිතන් ඇතුලට ආවත් කොහෙදෝ ඉදන් මන් ලගට දුවල ආපු කොල්ලො දෙතුන් දෙනෙක් මාව නවත්තගෙන කොහෙද යන්නෙ කියල අහද්දි මට කියන්න හිතුනෙම මේ ලැට් එකට යන්න ඉස්කෝලෙට ආවෙ කියල..

" ක්ලාස් එකට යන්නෙ......"

" මම හිතුවෙ පොළට යන්න කියල...දැන් වෙලාව කීයද කියල දන්නවද......? "

" බස් එක පරක්කු උනා අයියෙ......."

බැලූ බැල්මටම උන් ටික ප්‍රිෆෙක්ට්ල කියල තේරුන මම බොරු චාටු දාන්න ගත්තෙ මුන්ගෙන් බේරෙන්න ඕනවට..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now