" උබ ඇයි බලන් හිටියෙ..අත දිගෑරල කනට එකක් දෙන්නෙ නැතුව... "
ලැජ්ජාව පැත්තකට දාල මම වතුර බේරෙන ඇඳුම් පිටින් පන්ති කාමරේට එද්දි පොඩි පන්ති වල ළමයි මගෙ දිහා බලල හිනා වෙන්න ගත්තා.. ඒ මදිවට අපේ පන්තියෙ කොල්ලො ටිකත් අමුතු විදිහට මන් දිහා බලන් උන්න ගත්තත් මන් ඒ කිසි කෙනෙක්ව ගනන් නොගෙන විදුර ලගින් ඉද ගනිද්දි ඌ මන් දිහා බලන් හිටියෙ ඇස් ලොකු කරගෙන..
ප්‍රශ්න පිට ප්‍රශ්න අහපු ඌට මම වෙච්ච හැමදේම කියද්දි මගෙ කන් බීරි වෙන්න ඌ බැනගෙන බැනගෙන යන්න ගත්තෙ ඉවරයක් නැතුව..
" මට මුකුත් කරගන්න බැරි උනා..මම තනි වෙලා හිටියෙ බං..."
බිම බලාගෙන එහෙම කිව්වෙ මන් ඇත්තටම.. මොකද එවෙලෙ මට අවංකවම ලොකු අසරණ කමක් දැනුනා.. මම තනි වෙලා මාව බේර ගන්න කවුරුත් නැහැයි කියන එක අද මගෙ හිතට තදින් දැනුන නිසයි.. මට ඕන දෙයක් කරල දාන්න එවෙලෙ කොස්තට ඉඩ දුන්නෙ..
" උබට මම ඉන්නවනෙ... මෙහෙ වරෙන් යන්න අද මම උගෙ Hp උණ බස්සලම ගන්න..."
" එපා බං...එපා...මම නිසා උබ ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ විදුරයා..."
වීරය වගේ කොස්තට දෙකක් අයින්න මාවත් ඇදන් යන්න දගලන විදුරව මම නවත්ත ගන්න උත්සහ කරේ.. මන් නිසා ඌට තියන ප්‍රශ්න වැඩි වෙනව බලන්න මට ඕන උනේ නැති නිසා..
" මට නම් තේරුම් ගන්න බෑ උබල දෙන්නව.. නයයි පොළගයි වගේ කොයි වෙලෙත් මරාගන්නෙ ඇත්තටම මොනව බෙදා ගන්න බැරුවද බං මෙහෙම.."
කලකිරීමෙන් වගේ ඌ කතා කරේ ඔලුවෙ අත ගහගෙන වෙද්දි මම තෙත් උන මගෙ ශර්ට් එකේ උඩ බට්න් දෙකක් ඇරගෙන පුටුවට හේත්තු උනේ බර හුස්මක් අතෑරල..
" මේ ගේම පටන් ගත්තෙ ඌනෙ බං..එහෙම නැතුව මම නෙමෙයිනෙ..දැනටත් මට කරදර කරන්නෙ ඒ පිස්සු හුත්තා..නැත්නම් මට කොහෙත්ම වැඩක් නෑ ඌ එක්ක පැටලි පැටලි යන්න..."
නොරිස්සුමෙන් මන් එහෙම කිව්වෙ.. මගෙ කතාවෙ වරදක් නෑනෙ.. මොකද මමද කියන්නකො ඔය ගං හිපයිය එක්ක පැටලෙන්න ගියෙ.. ඌට තමයි එදා ඇගේ හැප්පුන දවසෙ ඉදන් ඇම්මක් ගහල තියෙන්නෙ..නැත්නම් මේ මන් ඔය වගේ කරවලයො එක්ක කොහොත්ම ගැටෙන් නෑ.. මම ගැටෙන්නෙ මගෙ තත්වෙට ගැලපෙන තල්මස්සු එක්ක..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️