~ 15 ~

1K 158 60
                                    

මාව ශොක් උනා එයා කියපු දේත් එක්ක.. මම එයාගෙන් මොකද්ද කියල ඇහුවම එයා බය නැතුව තමුසෙව කියල කියද්දි මට පට පට ගාල මතක් වෙන්න ගත්තෙ විදුරය කොස්ත ගැන කියපු දේවල්..

ඒ කියන්නෙ කොස්ත මට ලව් විදුරය කිව්වත් වගේ..ඉව් මේ කොස්තට ලව් කරන්න මම බැවෑක් ඊට හොදයි දාපු වමනෙ ආයෙ කෑවනම් ..

හනේ මම මලත් මේ වගේ හෝතම්බුවෙක්ට නම් කැමති වෙන්නෙ නෑ.. අනික කොහොමත් මන් කොල්ලන්ට කැමති කෙනෙක් නෙමෙයිනෙ.. ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ.. මූ වැරදි විදිහට මන් එක්ක හැසිරෙන්න ආවොත් මම මේකව මෙතනම මරල යනවා හිරේ රවුමක් ගහල එන්න..

" මොකද්ද ඒ කතාආහ්හ්... අතාරිනවා මගෙ අත..."

මීට ටිකකට කලින් රොමෑන්ටික් මූඩ් එහෙක හිටපු කොස්ත එක පාරටම ආවේස වෙලා වගේ මගෙ අතින් අල්ලලා ඇදගෙන දුවන්න ගද්දි මාවත් ඇදිල ගියා සරුංගලයක් ගානට..

මගෙ අත රිදෙනවත් එක්ක ඒත් ඌට නම් කිසි ගානක් නැති පාටයි.. ඒකනෙ ඉස්සරහ බලාගෙනම යන්නෙ මම මෙච්චර කෑ ගහද්දි..

" තමුසෙට පිස්සු හැදිලද..? කොහෙද මාව මේ ගෙනියන්නෙ.."

කොරිඩෝ එක දිගේ කඩිය වගේ මාවත් ඇදගෙන යන කොස්තට කෑ ගහලම මට හති වැටිල තිබ්බෙ.. පහුවෙන පන්ති දිහා මගෙ තියුණු ඇස් වලින් හොදට බලද්දි මට තේරුනේ Carry කොස්ත මාව ඇදගෙන යන්නෙ එයාගෙ පන්තියට කියලා..

" මට ගහන්නද මෙහෙට එක්කරන් ආවෙ...ආ..."

හිතුව වගේම එයාගෙ පන්තියට එක්කරගෙන ඇවිත් කොස්ත ඒකගෙ බෑග් එක අස්සෙ අත දාගෙන මොනවද හොය හොය ඉද්දි මම බලු බල්ලෙක් නැති පන්තිය දෙදෙරන්න එයාට කෑ ගැහුවත් ඒ යකා එයාට නෙමෙයි වගේ උන්නේ..

ඇත්තමයි මට එන කේන්තියට දෙන්න හිතයි මේකගෙ ඔලුවට ටාන් ටාන් ගාල ශොට් ටිකක්..

" නෑ අතගාන්න.."

එක පාරක් ඔලුව උස්සල එයා මගෙ ඇගට සිංහයෙක් වගේ කඩාගෙන පැනපු පැනිල්ලට මගෙ ඇගේ ලේ වතුර වෙලා ගියා..

බලාපල්ලකො මට සද්දෙ දාල ආයෙ බෑග් එක කන්න යන හැටි.. මූට ඇත්තටම මොංගල්ද නැත්තම් හැටිද.. මාව මේ වෙලාවෙ කුරා කූඹියෙකවත් නැති පන්තියට ගෙනල්ලා එයා බෑග් එකක් අල්ලන් ඉද්දි මට මල පයින්නෙ නැද්ද කියන්නකො..අනික මේකමනෙ මට බීම එකක් යාලුව අතේ එවල මාව අවුස්සගත්තෙ.. ඉතින් මම කෑ ගහද්දි එයා ඉවසගෙන ඉන්න ඕන නේද.. ඒත් මේ ගල් මූසලය මට කෑ ගහන්නෙ හරියට මම මුගෙ ගෑණි කියල හිතාගෙන වගේනෙ..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now