මම මලාවත්ද.. දැන් මේ ඉන්නෙ ස්වර්ගෙද නැත්තම් සතර අපායෙන් එකකද...? හනේ අර carry කොස්තගෙ මැක්කො ටික නිසා මට අකාලෙ මැරෙන්න උනානේ.. කරුමේ කරුමේ කරුමේ..
මොන පවක් කරාටද අර යකඩ කදට මම යට උනේ දෙයියනේ..
ගමටම හිටපු හැඩකාර සුකුමාල කුමාරයට වෙච්ච වින්නැහියක් අම්මයි අප්පච්චි කොහොම දරාගන්නද එයාලගෙ එකම සුහද කීකරු පුතා නැති උන දුක.. හයියෝ කෙල්ලෙක් බැඳගෙන ළමයි දහයක්වත් හදන්න පෙරුම් පුරාගෙන හිටපු මට හෙන ගහල ගියානේ..ආහ්හ්හ්හ් මට ස්ට්‍රෙස් වගේ...." ඔයා හොඳින්ද....? "
කොල්ලෙක්ගෙ කටහඬක්..අපායෙ හෝ ස්වර්ගෙ කොල්ලොත් ඉන්නවද.. වෙන්න බෑනෙ..හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.. කවුරු හරි වල් බල්ලෙක් මගෙ ඉන අල්ලගෙන නේද ඉන්නෙ.. නෑ නෑ මේක කීයටවත් වෙන්න බෑ ඒ කියන්නෙ මම මැරිල නැද්ද...?
හෙමීට ටිකෙන් ටික මම ඇස් දෙක ඇරල බලද්දි මගෙ මූණට එබිල හිටියෙ කොල්ලෙක්.. අපෙම ඉස්කෝලෙ යුනිෆෝම් එක ඇදගත්ත කොස්තලගෙ වයසෙ එකෙක් වගේ..
හැබැයි ඌත් හැඩැයි..කොණ්ඩෙ ටිකක් වැඩියෙන් තිබ්බ හරියට ශිහාන් මිහිරංගගෙ වගේ ඔව් එයාමයි මේ කොල්ලා.. ඇහි බැමේ ශිහාන් කට් එක.. හීන් දෙතොල් කළුත් නැති සුදුත් නැති හමේ පාට..කොස්ත තරම් ලස්සන නැති උනාට නියම කොල්ලෙක්ට පිහිටන්න ඕන ලක්ශන ඔක්කොම ඒකට තිබ්බා..
" ම..ම..හොඳින්..."
එයාගෙ අත් වලින් ගැලවුන මම අමාරුවෙන් වචන අහුලල කතා කරේ බිම බලාගෙන..
" අඩෝ කොස්තා.. ඔහොම හිටපන් මම එනකන්.."
හශේන් අයිය එක පාරට බෙරිහන් දෙන්න ගද්දි මම ඔලුව උස්සල බැලුවෙ කොස්තට මොකද වෙලා තියෙන්නෙ කියල ඔච්චර කෑ ගහන්න තරම්..
බැලින්නම් අන්න යනවා පුක ගිනි අරන් වගේ එයා පස්සෙන් හශේන් අයියත් කෑ ගගහ යනවා.. මොකද දන්නෙ නෑ එයාට ඩෝං ගිහිල්ලා.. කොහොමත් ඕක ඉන්නෙ පුප්ප ගත්ත ගමන් නිසා කේන්ති අරන් තියෙන්නෙ මොන හේතුවකටද කියල මට නම් තේරුම් ගන්න බෑ.. එක අතකින් ඒක ගිය එකම තමා හොද.. නැත්තම් මගෙයි ලේ පිච්චෙන්නෙ එයාගෙ පුස් මූණ දකින දකින පාරට..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️