~ 27 ~

1K 127 53
                                    

" තාම ලව් කරල ඉවර නැද්ද උබල දෙන්නා..හු#තො පිස්සු කෙලින් නැතුව ඉක්මනට වරෙන් බං..කවුරු හරි මෙතනට එන්න කලින්.."

" හරි හරි විනාඩියක් දියන්.."

මම කොස්ත කියපු දේට ශොක් වෙලා ඉද්දි එක පාරටම කාමරේ දොර ඇරගෙන ඇතුලට හශේන් අයිය ඇවිත් කෑ ගහන්න ගත්ත ගමන් මන් කොස්තව තල්ලු කරල පැත්තකට පැන්නෙ ලැජ්ජාවට..


ඇයි අනේ මේ මෝඩ යකා මාව බදාගෙනනෙ හිටියෙ.. ඒක හශේන් අයිය දැක්කත් එක්ක ශිට් දැන් කොහොමද බලන්නකො මම එයාලට මූණ දෙන්නෙ..මේ carry කොස්ත කරන්නෙම මට පාරෙ බැහැල යන්න බැරි වැඩමයි අප්පා...අනිවාරෙන් හශේන් අයිය හිතන්න ඇති අපි දෙන්න හිටිපු විදිහ දැකලා මම බබා පාට් එක දාන් හිටියට කොස්ත එක්ක මේ ගුබ්බෑයම අස්සෙ රිංගගෙන මගුල් නටන්න ඇති කියලා..

ඒකනෙ එයා මහ කැත විදිහට මන් දිහා බලාගෙන කාමරේ එලියෙන් දොර වැහුවෙ..මේ හැමදේකටම කන්න ඕන කොස්තගෙ ඔලුව අනේ.. බලන්නකො එයා කිසි ගානක් නැති ගානට මන් දිහා බලන් ඉන්න විදිහ..අයින්න හිතයි මට මගෙ ඔලුවෙන් එයාගෙන් ඔලුවට.. ම්හ්ක් මට කේන්තිනෙ අප්පා මේ මෝඩයා එක්ක..

" ඔයා මොකද්ද ඒ කරේ කියන්නකො.. බලන්න දැන් එයා අපි ගැන මොනා හිතන්න ඇද්ද..."

" උන්ගෙන් තව මොනා හංගන්නද දැනටමත් උබයි මායි අතර තියෙන පල ඉලව්ව අපෙ උන් සේරම දන්නවා..."

" මොකක්...මො...න...පල ඉලව්වද...? "

එයා පල ඉලව්වක් ගැන මගෙ මූණට ලන් වෙලා කට කොනින් හිනා වේගෙන කියපු හැටියම මම දන්නවා මොකක් ගැනද එයා ඉගි කරන්නෙ කියල මට..

බොරුවට මොකුත් නොදන්න බබා වගේ හැසිරුනේ මන් එයාගෙ කටින්ම අපි අතර තියන පල ඉලව්ව මොකද්ද කියල දැන ගන්න උවමනාවටම..

" මෙහෙම යද්දි තමුසෙට තේරෙයි මම මොකක් ගැනද කියන්නෙ කියලා.."

" පිස්සූඌඌඌඌ..."

" කොහෙද ඔය යන්න හදන්නෙ.."

එයත් මම අහපු දෙයින් ලිස්සල යද්දි පිස්සූ ගාල කට හදල කියපු මම කාමරෙන් එලියට යන්න හදද්දිම කොස්ත මගෙ අතින් අල්ල ගත්තා..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now