~ 26 ~

900 122 35
                                    

අනුශ P.O.V

" ඇඬුවයි කියල කරන්න දෙයක් නෑ ළමයො.. ඔයාගෙ අම්ම තාත්ත දෙන්නටම හෙට උදේම මාව හම්බ වෙන්න එන්න කියන්න.. ඊට පස්සෙ මම කියන්නම් පුතණ්ඩිය ඉස්කෝලෙ ඇවිත් වැඩි දවසක් නැතුව කරල තියෙන්නෙ මොකද්ද කියලා..."

ඔෆිස් එක ඉස්සරහ අව්වෙම මාව හිටෝල පිනා මට දොස් කියද්දි මම ඉකි ගගහ ඇඬුවෙ සර්ල මිස්ල පස් හය දෙනෙක්මත් මන් වටේ රැස් වෙලා මන් දිහා කැත විදිහට බලන් ඉද්දි දැනුන ලැජ්ජාවට..

" අනේ.. එහෙම කරන්න එපා ලොකු සර්.. මේ කිසි දෙයක් මගේ නෙමෙයි.. මම ඇත්ත කියන්නෙ...මට ඕන උනේ බෑග් එක පිටින්ම මේව ටික ලොකු සර්ට ගෙනත් දෙන්න..ඒත් මිස් ඊට කලින් මාව දැකලා මගෙන් මොකද්ද සිද්ද උනේ කියලවත් අහන්නෙ නැතුව මන් ගැන වැරදියට තේරුම් අරන් තිබ්බා දැක්ක දේවල් එක්ක.."

" දැන් මගෙන් බේරෙන්න නිදහසට කරුණු කිව්වට තේරුමක් නෑ ළමයො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" දැන් මගෙන් බේරෙන්න නිදහසට කරුණු කිව්වට තේරුමක් නෑ ළමයො.. මේ ඉස්කෝලෙ නීති කඩල තමුන් කරල තියෙන්නෙ ලොකු වරදක් ඒ හින්ද අපේ අනුකම්පාව දිනාගන්න ඇඬුව පලියට මේක මෙතනින් ඉවර වෙන්නෙ නෑ..."

පුල පුලා පිනා එකම දේ කියද්දි ඊට එහා මම මොකද්ද කියන්න ඕන කියල  හිතාගන්න බැරුව හිටියෙ..

මට කර කියාගන්න දෙයක් නැතුව ගියෙ මගෙ කරුමෙට මම එවෙලෙ මේ ල#බවල් ටික අතට ගත්තෙ ඇයි කියල මම විනාඩි කීපෙකට කලින් වෙච්ච සිදුවීම මතක් කරන්න ගත්තා..

FLASHBACK

කලිසමේ ගෑවිල තිබ්බ මඩ ටික මම එතන තිබුන ටැප් එක ඇරල වතුර ටික ටික අරන් බිමට නැවීගෙන කුණු පාට වෙලා තිබ්බ කලිසම පිරිසිදු කර ගද්දි මට ටොයිලට් තියන පේලි ටිකේ කෙලවරේම ඇහුනෙ පොඩි උන් ටිකගෙ කටහඬවක් වල සද්ද වගයක්..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now