~ 25 ~

720 111 60
                                    

ෆෝන් එකත් කනේ ගහන් පැණි හිනාවක් දාන් අයිය හොරා වගේ සාලෙ දොර ඇරන් එලියට ගියෙ හැංඟිලා හිටපු අපි දෙන්නව දැක්කෙ නැතුව වෙන්න ඕන.. දැක්ක නම් ඕක ෆෝන් පැත්තකට දාල ගේ දෙක වෙන්න කෑ ගහල මාව අල්ලලා දෙයි අප්පච්චිට එහෙමට කැ# සහෝදරයෙක්නෙ මට ඉන්නෙ..

" දැන් සතුටුද කියන්නකො ඔයාට... අපි දෙන්නම දැන් නම් මාට්ටු වෙන්න යන්නෙ.."

" කට පියාගෙන මෙහෙ එනවා.. අරූ කා එක්කද කතා කරන්නෙ බලන්න.."

" අරූ අරූ ගාන්න එපා මගෙ අයියට.."

" විකාර කතා නොකර මෙහෙ වරෙන් බං..."

මගෙ අතින් ඇදගෙන ජනේලෙ ලගට එක්කන් ගිය කොස්තා හෙමීට ජනේලෙ ඇරලා මාවත් එයාගෙ අස්සෙන් ගහගෙන අපි දෙන්නම අලි කන් දෙක දාගෙන අහන් හිටියෙ අයියා පාර දිහා බලන් හිනා වෙවී කෝල් එකේ ඉන්න එකා එක්ක හෝ එකී එක්ක කතා කරන්නෙ මොනාද කියලා...

" ගෙදර ආපු ගමන් කෝල් එකක් දෙන්න හිටියෙ බබා.. කොහෙද මට අමතක උනානෙ.."

".........................

" මගෙ යක්සනී තව නාකි වෙයි ආ ඔහොම කේන්ති ගත්තොත්.."

".........................

" මම සොරි කිව්වනෙ බබා..."

හනේ ඉතින් අයිය කෝල් එකෙන් කෙල්ල එක්ක නැලවෙන හැටි අහන් හිටපු මට වලක් හාරන් එතනම වැලලෙන්න හිතුනා.. මූ අපිට පානිය දාල ඒ කියන්නෙ කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක ලව් කරනවා.. ඒක තමා ගෙදර එන්නෙත් නැතුව එහෙම පැල පදියන් වෙලා ඉන්නෙ.. හයියෝ මේ දේවල් අම්මයි අප්පච්චි දන්නව නම් වහ කන්නෙ වහ.. හොදට උගන්නල මේකව කැම්පස් යැව්වෙ ලව් කරන්නනෙ.. ඉව් නියපොතු හප හප පොළොව හාරන්න හදන අයියව දැක්කම මට ලැජ්ජත් හිතුනා අප්පා..

" තමුසෙගෙ අයිය ගෙදරට හොරෙන් ඩබල් ගේම් ගහනවා වගේ.."

" එයාට කෙල්ලෙක් ඉන්නවා කියල මම දැනෙගෙන හිටියෙත් නෑ.."

" ඌත් කෙල්ලෙක් දාගෙන ලව් කර කර තමා මේ මල්ලිගෙ එකට කෙලින්න හදන්නෙ.. "

" මොකද්ද මොකද්ද ඒ කතාව.."

මගෙ මූණ ලගම ඉදන් අපෙ අයිය දිහා බල බල දත් මිටි කකා බයින කොස්තගෙන්  මම අන්තිමට අහපු දේට උත්තර නොදී එයාගෙ ෆෝන් එක අරන් අයියගෙ ෆොටෝ දෙක තුනක් ගහගෙන අයිය කතා කරන හැමදේම රෙකෝඩ් කරේ මම කටත් ඇරන් කොස්ත දිහා බලන් ඉද්දි..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now