කැම්පස් ගිහින් හිටපු අයිය හදිසියෙම අද මගෙ ඉස්සරහ මහසෝනා වැහිල වගේ අපි දෙන්න දිහා බලන් ඉද්දි මට පුදුම හිතෙන් නැතුව තියෙයිද.. මොකද අයිය ගෙදර එන කතාවක් අම්මට තියා මටවත් කියල තිබ්බෙ නෑනෙ.. ඔක්කොමත් හරි කියමුකො මේ යකාට ගෙදර එන්න ඕන උනේ මම ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ටයිම් එකටමද...මගෙ වෙලාව අන්තිමයි කියන්නෙ මන් හිතන්නෙ සිකුරා පච වෙලා බුධ චොර වෙලා සෙනසුරු රජ වෙලා අද මම මෙතන අච්චාරුවක් වෙන්නද කොහෙද යන්නෙ..
අයියගෙ ඇස් දෙක කෙලින්ම යා වෙලා තියෙන්නෙ කොස්ත අල්ලගෙන ඉන්න මගෙ අත් දෙක ගාවට.. ජැක් රෝස් වගේ මෙතන තව හැමිනෙන් නැතුව මම කොස්තගෙන් ගැලවෙන්න දගලද්දි කොස්තත් මාව ඉක්මනට අතෑරල දැම්ම නමුත් වැඩක් නෑ .. දකින්න ඕන හැමදේම අයිය දැකල ඉවරනෙ..
" මොකද්ද මෙතන වෙන්නෙ සුදූ..."
මාව ගැස්සුනා..අයියට කේන්ති ගිය වෙලාවට තියන බයටත් වඩා මට ලැජ්ජත් හිතුනා කොස්ත ඉස්සරහ මෙහෙම චාටර් වෙද්දි අප්පා..
අනික අයියව මට සත පහකට විශ්වාස නෑ මෙයා ගිගින් අම්මටයි අප්පච්චිටයි මෙතන වෙච්ච සීන් එක කිව්වොත් අනිවාරෙන් එයාල දෙන්න මාව ගහල මරල දායි දෙයියනේ..
" අ..යියෙ...මේ..."
" නගිනවා වීල් එකට..."
" පොඩ්ඩක් මම කියන එක අහන්නකො... "
" මගෙ යකා අවුස්සන්නෙ නැතුව නැගපන් වාහනේට..."
අයියා කෑ ගහපු කෑ ගැහිල්ලට මන් බලාගෙන වීල් එකේ මාමත් අපි දිහා අමුතු විදිහකට බලන් ඉන්නවා.. හයියෝ මෙයා ලැජ්ජ කරනවා අනේ මට..
තවත් මෙහෙම බකන් නෙලන් බලන් හිටියොත් එහෙම කොස්ත ඉස්සරහම උබට කනත් පලාගෙන තමා වීල් එකට නගින්න වෙන්නෙ අනුශයෝ.. ඒ ගින්ද සුහද කීකරු අයියණ්ඩිගෙ මලයණ්ඩි වගේ ගිහින් වීල් එකට නැගපන්..
කොස්ත කට පුක වහගෙන මන් දිහා බලන් ඉද්දි මම එයාට එක බැල්මක්වත් නොදී වීල් එකට නැග්ගහම අයිය කොස්තව කන්න වගේ උඩ ඉදන් පහලට බලල කේන්තියෙන්ම ඇවිත් වීල් එකට නැග්ගෙ එයාට වචනයක්වත් නොකියා..
මට බය හිතුනෙ නැතුව නෙවේ.. මොකද නිකන් හරි මම නිසා අයිය කොස්තට වචනයක් කිව්ව නම් එයත් කට පියන් ඉන්නෙ නැති වග මම දන්නවා ඔය ඔක්කොමත් හරි අයිය කොස්තට ගැහුවා නම් අනිවාරෙන් carry කොස්තත් මගෙ අයියට ගහනවයි කියන එක මම දන්න නිසාම එතනින් වීල් එක යනකන් මම හිටියෙ පපුවෙ බිත්තර තම්බ තම්බ..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️