~ 03 ~

1.3K 184 54
                                    

" උබ බයිනකන් කොස්ත අයිය අහන් හිටියද බං........"

ක්ලාස් එකට ආපු වෙලේ ඉදන් මගෙන් විදුරය එකම දේ අහද්දි මට එපා වෙලා තිබ්බෙ මූට වෙච්ච දේ පැහැදිලි කරලම...

" ඔව් බං ඔව්.. දැන් කීපාරක් මම කිව්වද බලපන්..."

" එහෙනම් බඩු බනිස් පුතේ...."

මගෙ උරහිසට ගහල බඩු බනිස් කතාව බර කරල කිව්ව විදුරය දිහා බලාගෙන හිටිය මම ඇහිබැමකුත් උඩ දාගෙන..

" ඇයි බං...."

" උබට මේ ඉස්කෝලෙ කොස්ත අයිය එපා නොකරොත් මම විදුර නෙමෙයි....."

ඌ කියපු එකට මට හිනා යද්දි විදුරය මන් දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන...

" ඇයි ඌ ඒ තරම් කෙරුමෙක්ද........? "

" උබට ලගදිම පෙන්නයි..බලාගෙන ඉදපන්කො..."

කොණ්ඩෙත් පිටි පස්සට කරල හදාගෙන හෙන ගැම්මෙන් විදුරය අරූ ගැන කියද්දි මට නහුතෙට නැග්ග...

" බලමුකො..මේ මමද නැත්තම් ඌද මූණෙ ගූ ගාගෙන ඉස්කෝලෙන් යන්නෙ කියල...."

පොතක් පෙරලගන්න ගමන් එහෙම කිව්වෙ මම අර පිස්සු හු#තගෙ මූණ මතක් කරගෙන..

-
-
-
-
-
-
-
-

" මොකෝ බං මූඩ් ගහල...."

කැන්ටිම ලග සෙට් වෙලා හිටපු ගැන් එකම බයිට් පැකට් වලට වැඩේ දෙන ගමන් කයියක් ගහගෙන ඉද්දි මම හිටියෙ වෙනම ලෝකෙක..මගෙ වෙනස තේරිල හශේන් මට කතා කරද්දි හැමෝගෙම අවදානය ලැබුනෙ ඒ එක්කම මගේ දිහාට..

" මගෙ හිතට හරි නෑ බං..."

" මොකෝ උනේ කියපන්කො කොස්තා..."

" අද මන් එක්ක එකෙක් ගේමට ආවා බං..."

" කවුද...? මොනාද කිව්වෙ කියපන්..."

මගෙ ඕන දේකට ඉන්න යාලුවො සෙට් එකම මට අවදානය දීගෙන ඉද්දි මම හිටියෙ කේන්තියෙන් පුපුර පුපුර..

" අද උදේ මගෙ ඇගේ හැප්පුනා එකෙක් .. ඌ මට එක පාරට බැනගෙන බැනගෙන ගිහින් අන්තිමට මෙන්න මේ ලේන්සුවෙන් උගෙ ඇගේ ජරාව පිහිදගෙන මගෙ මූණට දමල ගහල ගියා යකෝ..."

" උබ එක්කම හැප්පෙන්න එන පරය කවුද යකෝ මේ ඉස්කෝලෙ...."

මම කියපු දේවල් එක්ක ආවේස උන සෙට් එකට මම දුන්න එක බැල්මෙන්ම උන් මීයට පිම්බ වගේ සද්ද නොකර බලන් හිටියා..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now