" ඔය ළමයි දෙන්න අපේ පුතාගෙ පන්තියෙමද...? "
" ඔව් අම්මා..."
" නෑ ආන්ටි..."
විනාඩි විස්සකට විතර කලින් සපුමලී එක්ක සාලෙ මැද ගිය හුලං විස්කෝතු සීන් එකට පස්සෙ කොස්ත නෙමේ මගෙ දිහා බැලුවෙවත්..සපුමලීත් මෙතන ගිනි තියල ඒකිගෙ අම්මා කතා කරපු ගමන් ආයෙ ඒකිලගෙ ගෙදර ගියා ගියාමයි ආයෙ අපේ දිහා ආවෙ නැති එකට මට ෆුල් හැපි උනාට වැඩක් තියේද මායි කොස්තයි අතර කොස්සක් අරකි තියල ඉවරනෙ..
අම්මා මේ ඩබලට අඹ බීම එකක් ගෙනත් දීල අප්පච්චි එක්කම අම්මා සෝෆා එකෙන් ඉද ගත්ත නිසා මමත් සෝෆාවෙ ඇන්දෙ ඉදගෙන ෆුල් අවුලෙන් කොස්ත දිහා බලන් හිටියෙ එයාගෙන් එකම එක බැල්මක්වත් තවම මට වැටුනෙ නැති හින්දා..
අප්පච්චි සැකෙන් වගේ කොස්ත දිහා බලන් ඉද්දි මෙච්චර වෙලා බීම ග්ලාස් එක අතේ තියාගෙන අපෙ අම්මයි අප්පච්චි දිහා මාරුවෙන් මාරුවට බල බල හිටපු කොස්ත බීම උගුරක් බොන්න ග්ලාස් එක කට ලගට ගත්ත ගමන් අම්මා එයාගෙන් අහපිය එයා මගෙ ක්ලාස් එකේ ළමයෙක්ද කියලා..ඒකට කොස්ත උත්තරයක් දෙන්න කලින් මම මැද්දට පැන්නෙ එයා ගොං උත්තරයක් දීල අම්මගෙ හිතේ සැකයක් ඇති කරයි කියල බයට උනත් මේක ගොම නාගත්ත කියන්නකො..
" සුදූ මම ඇහුවෙ මේ ළමයගෙන් මිසක් ඔයාගෙන් නෙමෙයිනෙ.. ඒ හින්ද මැදින් පයින් නැතුව ඉන්න පැත්තකට වෙලා.."
" හරි ඉතින්..."
මට රවාගෙන කියවගෙන කියවගෙන ගිය අම්මට මෝඩ හිනාවක් දුන්න මම කට පියාගෙන බුම්මට්ටෙක් වගේ කොස්ත දිහා බලන් හිටියෙ හිතින් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවයින් සිහි කර කර.. ඇයි අනේ අපෙ අම්මා පොලිසියෙන් වගේ අහන ප්‍රශ්න වලට මේ කොස්තා ගොං තකතීරුවෙක් වගේ උත්තර බැන්දොත් එහෙම කන්න වෙන්නෙ පැණි බේරෙන්න මටනෙ සඳ ගුටි..
" මම අනුශ මල්ලිගෙ පන්තියෙ නෙමෙයි ආන්ටි.. "
" එහෙනම් කොහොමද ඔය ළමයා අපේ එකාව දන්නෙ.."
අනේ උට්ටෝ මාව කන්නද උබ යන්නෙ පැනල දෙන්න ගිහින්..අම්ම ආපිට කොස්තගෙන් මුකුත් අහන්නත් කලින් මේක බඩ ගෝස්තරේ දිගාරින්න ගද්දි මම හිටියෙ නියපොතු ටික ලෑල්ලටම කකා කර කියාගන්න දෙයක් නැතුව..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️