~ 28 ~

716 98 61
                                    

" මාව ලැජ්ජ කරන්නද හදන්නෙ මිනිහො..."

කැත නැතුව මගෙ තොල් වලට පහත් වෙන්න ගිය එයාගෙ කට මම අතින් වහල තද කරල අල්ල ගත්තෙ නැත්තම් මේකා දෙනෝ දාහක් ඉස්සරහ මාව කිස් කරනවනෙ අනේ..

වෙන්න ගිය දේ සනික නවත්තපු මම කිරි ආතා ආරූඩ කරගෙන කොස්තගෙ ඇඟට කඩාගෙන පනිද්දි...

" ආආආආ....තමුසෙට මම කිව්වා මන් එක්ක ඕවට විතරක් එන්න එපා කියලා....."

එයා මගෙ අතේ අල්ලට හාද්දක් දුන්න ගමන් මම අත ඇදල අරගෙන එයාට බයින්න ගත්තත් මේක හිනා වෙනවා කියන්නකො මන් දිහා බලාගෙන..

මට පේන්නෙ නම් මේ මිනිහා මාව වීලුවකට අරන් වගේ .. නැත්තම් බනිද්දි මොන මනුස්සයද කියන්නකො මේම හිනා වෙන්නෙ පිස්සු උත්තෙක් වගේ..

" විකාර දොඩවන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙන් යන්න.."

ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් නැති එයා මම මෙච්චර එයාට කෑ ගහද්දිත් නෑහුනා වගේ මාවත් ඇදගෙන ටිකට් දෙකකුත් අරන් හෝල් එක ඇතුලට ඇතුල් උනේ හිස් අතින් නෙමෙයි කොස්ත මට පොප් කෝන් එකක් එක්ක බීම බෝතලයක් අරන් දුන්නා..

ඔව් ඔව් එකයි තමා ගත්තෙ දෙකෙන්ම.. මොකද කොස්තට මුකුත්ම එපා කිව්වනෙ..හැබැයි එයා එතනදි එපා කියල ෆිල්ම් එක පටන් ගත්තම මගෙ එකට කෙලින්න ආවොත් මම මේකට ගහනවා ආයෙ ඉතින් බීම බෝතලේ ඔලුවෙ හිටින්න..

" මොකෝ බය වෙලා වගේ..."

" කළුවරයිනෙ..."

" ඉතින්..."

" ඔ...යත් මගෙ ලගනෙ ඉන්නෙ..."

" ඉතින්..."

" වලත්ත කම් කරන්න ආවොත්..."

" මට පේන හැටියට තමුසෙට මට කියල ඒක කරගන්න ඕන වෙලා වගේ.. නැත්තම් එකම දේ කියවයිද වලත්තකම් වලට අකමැති එකෙක්.."

" අනේ මේ..."

මම එයත් එක්ක හෝල් එක ඇතුලට ඇවිත් එක ලග සීට් දෙහෙක ඉදගෙන විනාඩියක් යන්න හම්බ උනේ නෑ මුලු හෝල් එකම අඳුරු උනා.. එතකොටම මම කොස්තගෙ මූණ දිහා බැලුවෙ බය වෙලා... මොකද එයත් මගෙ ලගනෙ අනේ.. එලියදි මාව කිස් කරන්න ගිය මනුස්සය මේ වගේ වෙලාවක අනම් මනම් මට කරන්න එයිදෝ කියල බය වෙලා මගෙ කටින් එව්ව මෙව්ව පැන්න ඒ සම්බන්ධව..ඉතින් එයා ඒකට කිව්ව කට කැඩිච්ච කතාවට මම එයාට රවලා ඉස්සරහා තියන ලොකු ස්ක්‍රීන් එක දිහා බලද්දිම..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now