" සුදූ...."
" සු.....දූ..............."
" ආහ්හ්හ්හ්...."
" පුච්ච ගත්තනේ අත..."
නුරාග් ගියයින් පස්සෙ මම මොණර පිලයි ලියුමයි හංගගෙන කාමරේට ආවෙ ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෙක් ගානට..මොකද අර ලියුම කියවපු වෙලේ ඉදන් මම හිටියෙ මේ ලෝකෙ නෙමෙයි.. නුරාග් ගැන හිත හිතම මොණර පිල මගෙ ඩයරිය අස්සෙ ගහපු මම ලියුම් කඩදහිය අල්මාරියෙ මගෙ ඇදුම් අස්සෙ ගහල ඇඳට ගොඩ වෙන්න කියල බලද්දිම අම්ම බෙරිහන් දෙන්න ගත්තා මට ඇවිත් පපඩම් ටික බැදල දීල පලයන් කියලා.. අම්මට බෑ කියන්න බැරි කමට මම මූණත් එල්ලගෙන කුස්සියට ඇවිත් පපඩම් බදින්න ගත්තට මොකද මගෙ සිහිය තිබ්බෙ නෑ තෙල් තාච්චියක් එක්ක මම මේ සෙල්ලම් දාන්නෙ කියල පොඩ්ඩක්වත්..
"මම ඔයාට ගොඩක් ආදරෙයි" කියන වචන ටික මට කොස්තගෙ කටින්ම කියනවා ඇහෙනවා ඇහෙනවා වගේ තියෙද්දි අම්ම කුස්සියෙ දෙක වෙන්න කෑ ගැහුවා පාර මාව ගැස්සිලා ගිහින් මගෙ අත ගියා ඇදේට ඊට පස්සෙ ඉතින් කලිසමේ චූ යන්නම මගෙ අතට තෙල් විසි උනා කියන්නකො..
මම කෑ ගහගෙන අත අල්ලගද්දි අම්ම මාව තල්ලු කරල දාල මම පැත්තකට විසි කරල දැම්ම තෙල් හැන්ද අරගෙන මට බැන බැන එයාම පපඩම් බදින්න ගත්තා..
" ඔයා කෑ ගහපු නිසානෙ අත පිච්චුනේ.."
" දැන් කියව කියව ඉන් නැතුව පිච්චුන තැනට අයිස් කැටයක් තියාගනින් සුදූ..."
" හරි අප්පා..."
" හරි පුරි තමා...එක වැඩයි ඉදල ඉදල උබට දුන්නෙ මම.. ඒකත් බලපන් කර ගත්ත දේ.. කොහෙද කොහෙද හරියට වැඩක් කරගන්න උබට මේ ලෝකෙ සිහියක් තියනව කියලැයි.. මම කුස්සියට ඇවිත් බලද්දිත් උබ හිටියෙ වෙන සිහියක.."
මම අයිස් කැට ටිකක් ෆ්‍රිජ් එකෙන් අරගෙන පිච්චුන තැනට තියාගෙන ඉද්දි අම්ම ඒ අස්සෙ මට දෙස් දෙවොල් තියනවා ඉවරයක් නැතුව..
" වෙන මොකුත් නෙමේ අම්ම මූට මගුල් විසේ ඉහට ගහල තියෙන්නෙ.."
" අනේ මේ අයියා..."
මෙතනට මදි වෙලා හිටියෙ අයියා විතරයි.. ඕන් ඒ යකාත් කුස්සියට රිංගල ඇවිලෙන ගින්නට පෙට්‍රල් දාන්න ගද්දි මම ඒකට දාගෙන රවන්න ගත්තා..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️