~ 04 ~

1.1K 166 39
                                    

මම ඒ ගං හිවලගෙයි උගෙ ගැන්සියගෙයි හොම්බට දෙකක් අනින්න දඟලද්දි විදුරය මාව එතනින් ඇදගෙන ආවෙ මට එක එක දේවල් කියල හිත හදන ගමන්..

ක්ලාස් එකේදි සර්ල කියල දෙන කිසි දෙයක් අහන් නොහිටිය මම හිටියෙ කේන්තියෙන් වගේම පුදුමාකාර ලැජ්ජාවකින්..

මගෙ කලිසම ඉරිල තිබ්බ නිසා මට පුටුවට වෙලා ඉදගෙනම ඉන්න සිද්ද උනා විතරක් නෙමෙයි ඉන්ටවල් වෙලාවෙදිත් මට කොහෙවත් යන්න බැරි උනා.. මට දැනුන අසරණ කම එක්ක මතක් උනේම අරුන් ටික මට හිනා වෙවී විහිලු කරපු හැටි..

ඉතින් දරා ගන්න බැරි ලැජ්ජාවයි කේන්තියයි එක්ක මම මගෙ පන්තියෙ ළමයින්ගෙ මූණු දිහාවත් බලන්න ගියෙ නෑ.. මොකද ඒ වෙද්දිත් හැමෝම වගේ මට වෙච්ච වින්නැහිය ගැන දැනගෙන හිටියෙ..

ඉස්කෝලෙ ඇරිල විදුරය මාව වීල් එහෙක දාගෙන ගෙදර එක්කරන් ආවෙ මට අද උන ලැජ්ජාව එක්ක මම ඉන්නෙ අවුලෙන් කියල ඌට තේරුන නිසා කියල මට හිතුනා..

" සුදූ...මොකද මේ...."

වීල් එකෙන් බහිද්දිම මිදුල අතු ගගා හිටපු අම්මා මන් ලගට බය වෙලා දුවගෙන ඇවිත් මගෙ අතකින් අල්ල ගද්දි විදුර මන් දිහා දුකෙන් බලාන හිටියෙ..

" මුකුත් නෑ අම්මා..."

මම බිම බලාගෙනම අතත් ගසල දාල ගෙට දිව්වෙ අම්ම විදුරය එක්ක එතනම නැවතිල කතා කරද්දි..කාමරේට ආපු මම දොර ලොක් කරගෙන ඇඳට වැටිල හිටියෙ දැන්ම ඇඟ හෝදන්න යන්න හිත දුන්නෙ නැති නිසා..

අම්මට සේරම දේවල් විදුරයත් කියන්න ඇති කියල හිතපු මම කල්පනා කරේ අද මට ඉස්කෝලෙදි උන ලැජ්ජාව ගැන..

ඉස්කෝලෙන් එලියට එද්දි මම පස්ස මගෙම බෑග් එකෙන් වහන් ආවා විතරක් නෙමෙයි අම්මා ඉස්සරහදිත් මම මගෙ පස්ස බෑග් එකෙන් කවර් කරන් ආවෙ නැත්නම් අම්මට වෙන්නෙ වහ අතින් අරං කටට දාගන්න තමා ඒකත් මේ මම නිසා..

" සුදූ මේ දොර අරින්න...."

වීල් එක යන සද්දෙ මට ඇහුනත් එක්කම අම්ම මගෙ කාමරේ දොරට ගගහ මට කතා කරද්දි මම කිසිම දෙයක් නෑහුන ගානට හිටියෙ හරියට මැරිච්ව එකෙක් වගේ..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now