~ 05 ~

1K 176 43
                                    

" උබට පිස්සුද බං..අර යකා උබව මරාගෙන කයි මේ කරපු දේට නම්..."

ඉස්කෝලෙ ඇරිල හැම ළමයෙක්ම පන්ති කාමරෙන් ගිහින් තියෙද්දි මමයි විදුරයයි විතරක් පන්තියෙ හිටියෙ අද අපි දෙන්නට අතු ගාන්න තියන දවස නිසා..

විදුර කොස්සක් අරන් පන්තියෙ එක කොනක ඉදල අතුගාගෙන එන අතර පුටුවක් උඩ ඉදගෙන අද ඉන්ටවල් එක වෙලාවෙදි මම අර කොස්තලට කරපු අසික්කිත වැඩේ ගැන මූට පැහැදිලි කරද්දි විදුරය මට දෙස් දෙවොල් තියන්න ගත්ත නිසා මම හිටියෙ මූණත් බෙරි කරගෙන..

" උබ කියන්නෙ දැන් මට ගිහින් උගෙ කකුල් අල්ලලා වඳින්න කියලද කියපන්කො..."

අද කරපු දේ ගැන වරද පිළිගන්න කොහෙත්ම ලෑස්ති නැති උන මන් විදුරයටත් කෑ ගහන්න ගත්තෙ කේන්තිය වැඩි කමට..

" එහෙම නෙමේ බං..උබට තිබ්බ ඔය වගේ දෙයක් නොකර ඉන්න.. දැන් බලපන්කො කොස්ත අයිය ඇත්ත දැන ගත්තොත් උබට මොනා කරයිද කියල මට හිතා ගන්නවත් බෑ බං..."

මහ අම්මණ්ඩියෙක් වගේ විදුරය ඉනටත් අතක් තියාගෙන කියන හැටි දැක්කම මට හිනා යන්නත් ආවා.. කොස්ත එක්ක ගේම ඉල්ලන්නෙ මම උනාට හොදටම බය වෙලා ඉන්නෙ විදුර.. ඒ උනාට මොකද මුගෙත් කට තියෙන්නෙ මේ මන් ලග විතරයි අර කොස්තව දැක්ක ගමන් මූ හතරට පහට නැමෙයි පුකෙත් ඇරල පලයන් කියල.. එහෙමට ගොනෙක් මූ නම්...

" ඒ පිස්සු හුත්ත කරන හැමදේකටම ඔලුව නවන්නෙ මොන රෙද්දකටද බං අපි..උබ බය නම් ඌට පැත්තකට වෙලා ඉදින්කො..මම බලාගන්නම් ඌ එක්ක මට මොනා හරි ආයෙ කරන්න ආවොත්...."

යාලුවට වෙච්ච දේට වරෙන්කො කොස්තො මගෙන් පලිය ගන්න.. අම්මප මෙදා පාර නම් ඌට මැරෙන්න ගහනවා ආයෙ හිරේ ගියත් කමක් නෑ කියල හිතල..

" උබ ඕන හුත්තක් කරගනින්කො...හැබැයි රෝමයක් ආපු වෙලාවට මේ විදුර නම් ඕවට ගෑවෙන් නෑ පුතෝ...."

විදුර මටත් ගස්සගෙන අතු ගාන්න ගත්ත වගේම මම ඌට ඇද කරල අහක බලා ගත්තට මට හිතුනෙම අර යකා මාව උල තියන්න මාන බලන් ඉන්නෙ කියලමයි..

දෙකට විතර ඉස්කෝලෙන් එලියට අපි දෙන්නම ආවෙ පන්තියෙ තිබ්බ කුණු බෑග් එකත් දෙන්න අත් දෙකට අරගෙන.. ඒ වෙද්දි ඉස්කෝලෙ හැම ළමයෙක්ම ගෙවල් වලට ගිහින් තිබ්බ නිසා මමයි විදුරයි විතරක් ඉස්කෝලෙ ගේට් එක ලඟ ඉතුරු වෙලා හිටියෙ..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now