~ 11 ~

1.1K 167 63
                                    

" මොනව උනත් ඒකි පට්ට ලස්සනයි බං..."

අත් දෙක දික් කර කර කට හද හද හිනා වෙවී නැටුම් මිස් එක්ක බරටම කයියක වැටිල ඉන්න ඒකි දිහා බලාගෙන මම පිස්සෙක් වගේ කියවද්දි විදුරය ඔලුවෙ අත ගහ ගත්තා..

" ආශාවරීට ලයින් දාල උබ පිනාගෙන් කන්න තමයි ඔය හදන්නෙ..."

විදුරය මට දෙස් දෙවොල් තියන්න ගද්දි මම මගෙ පපුවට අතක් තියන් ඇස් අඩවන් කර ගත්තෙ අරූ යකා ගහල වගේ මගෙ දිහා බලාන ඉද්දි..

" කහ මලගෙ නම ආශාවරීද...? ඒ නම ඇහෙද්දිත් මගෙ හිතට එක සිංදුවක් එනවා බං...."

ආශාවරී ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබ ඒ තරම්
වියුරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා......

සිංදුව මුමුණ මුමුණ මම ඒකි දිහා බලාන ඉන්න නිසාම විදුර මාව ඇදගෙන එතනින් යන්න ගත්තෙ හැරි හැරිත් මම ඒකි දිහා බලද්දි..

" තොට මදන ගාය ගහල තියෙන්නෙ..මෙන්න වැන්ද ආශාවරී නැතුව වෙන ඕන කෙල්ලෙක් සෙට් කර ගනින් බං..."

මාව ටොයිලට් පැත්තට ඇදන් ආපු විදුර අත් දෙක එකතු කරල වැදල මට කියපු දේත් එක්ක මගෙ ඇස් ලොකු උනා..

" ඇයි මම එහෙම කරන්න ඕන... "

පපුවට අත් දෙක බැදගත්ත මම ටිකක් සද්දෙන් ඌට කතා කරේ.. විදුර කියපු දේට මගෙ හිත බිඳුන නිසා..

" උබට ඕන මේ ඉස්කෝලෙන් ලැජ්ජ වෙලා දොට්ට බහින්නද කියපන්කො..අනික උබ විතරක් නෙමෙයිනෙ උබට උදව් කරපු මාවත් පයින් ගහල එලවල දායි.."

ටොයිලට් එහෙකට රිංග ගත්ත විදුරය මට කියවන්න ගද්දි මම ඒ හැම දේම අහන් හිටියෙ බිත්තියට හේත්තුවක් දාගෙන..

" හරි හරි මම පිනාගෙ දුව දිහා නොබල ඉන්නම් පොට්ටයෙක් වගේ.. දැන් උබට සතුටුයි නේද....? "

ටොයිලට් එකෙන් එලියට ඇවිත් සින්ක් එකෙන් අත හෝදන ගමන් හිටපු විදුර මගෙ දිහා බලල ලාවට හිනා උනේ මම ඌට රවද්දි..

" ඉස්සරහ ඉස්කෝලෙ අච්චර කෙල්ලො ඉද්දි අශාවරී මොකටද බං..අනික මම අද කිව්ව කියල මතක තියාගනින් උබට ලගදිම සුපිරි කෑල්ලක් සෙට් වෙයි.. ඔන්න බලපන්කො බොරුද කියලා..."

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now