ඉදිරියට >>
" මන් ඔයාගේ කවුද ආකාෂ්.. "
" ඔයා මගෙ කවුරුත් ම නෙමෙයි වර්ශ.. "
® Nonfiction Bl
® Strong Language
‼️Skip those who don't like mature content
මෙහි එන නම්, ගම්, ස්ථාන සියල්ලම හුදෙක් කතාවට පමණක් භාවිතා වේ !
❝ සමමෙත් සිතින් ඔබ තුරුලට කතා කොට
ගමනක සුභ ලකුණු පෙන්වූ............ ❞
පාසලේ ප්‍රධාන ගේට්ටුව ළඟින් උදෑසන වතාවත් වල අවසානය සනිටුහන් කරන පාසලට ආවේණිකව නිමවුණ නිර්මාණාත්මක කවියේ අන්තිම පදේ ඇහෙනකොට ගේට්ටුව ළඟ එක පොදියට රැස් වෙලා ඉන්න ළමයි ටික අතරෙන් කඩවසම් පිරිමි ළමයෙකුත් ඇවිදන් ආවේ කුතුහලය දනවන හැඟීමකිනුයි.. කළු පාට විශාල ගේට්ටුවෙන් ඇතුලට එනකොටම තියන පරණ මාදිලියේ මුර කුටිය, ඊට යාබදව තියන තරමක් විශාල ක්‍රිඩා පිටිය, ක්‍රීඩා පිටිය පර්යන්තයේ තියන නාගස් පෝලිම, ඇවිදන් එන පාරේ අනික් පසින් තිබෙන පිරිමි නේවාසිකාගාර පහු කරගෙන ඒ ළමයි ඇවිත් නතර වුණේ නවීන පන්නයේ බුදු මැදුර ඉස්සරහයි.. ඒ කළු පාට ගේට්ටුව අනන්ත වාර ගණනක් පාස් කරගෙන මෙතෙක් දවසක් පාසල් ගිය ඔහුටත් අවසානයේ ඒ කළු පාට ගේට්ටුවෙන් ඇතුලට ආවාම දකින්න ලැබුණේ කට වචනෙන් අහලා තිබ්බ ඒ දර්ශනයමයි..අරලිය උයන !
කිරි පාටට දිස්නේ දෙන නිල ඇදුමේ සාක්කුවේ තවමත් පාසල් ලාංඡනය නොමැති බවින් රැස්ව සිටින ළමුන් සියල්ලන්ම අලුත් ළමයි බව දකින ඕනෑම අයෙක් හදුනාගත්තා..
ඉතින් අද තමා පාසලට උසස් පෙළට ළමයි එන දවස.. වසරේ අඟ මාස හතරේ ආරම්භය.. ඉතින් අද අලුත් ළමයි හැමෝම එතන.. පරක්කු වෙලා පෝළිමට පාසලට එන ළමයින් ට අද සහනයක් ලැබුණා.. මොකද සීනියර් ශිෂ්‍ය නායකයෝ හැමෝම වගේ බුදු මැදුර ළඟට රැස් කරලා තිබුණා.. එතන එක කාලගෝට්ටියයි.. අන්තිමට ශිෂ්‍ය නායකයන්ගේ උදව්වෙන් ඒ හැමෝවම ප්‍රධාන ශාලාවට එක්ක ගියා..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡