වැස්ස කියන්නේ නියමයක්, ඒත් වැස්සකට කලින් දකින පරිසරය කියන්නේ තනිකරම ආත්මයක්.. ආකාෂ් උදේම කළුවර කරපු අහස දිහා බලාගෙන හිටියේ අද දවසට විතරක් විශ්‍රාම ගිය ඉර ගැන කවි ගීත නොලියවෙන එකට පසුතැවීමෙන් වගේ..
බයෝ පොතේ පිටුව පිරෙන්නම ඇදපු සෛලේ පෙරලගෙන ආකාෂ් බර හුස්මවල් පිට කලේ මූසල අහසටත් බනින ගමන්.. වාර විභාගෙට තියෙන්නේ අද දවසත් එක්ක තව දවස් තුනක් වෙනකොට මුලින්ම තියෙන්නේ බයෝ වෙද්දි ආකාෂ් ස්කෝලේ නොයා නතර වුණේ හොරණ ප්‍රසිද්ධ *** සර් ගේ පන්තියේ දැනටමත් වාර විභාගෙට ඕනි කරන බයෝ පාඩම් කරලා ඉවර නිසායී..
ඒත් උදේ පාන්දරම වැහි වහින්න ඔන්න මෙන්න තියන අහස ආකාෂ් ගේ හදවත ව්‍යාකූල කරාට වඩා එයා නොයන වඟ දැන දැනම ගෙදර නතර වුණ වර්ශ ආකාෂ් ව ව්‍යාකූල කලා.. අහසට වැස්ස හරි බරක් වෙනකොට ආකාෂ් ටත් වර්ශ හරි බරක්.. ඇයි කියන්න හේතු මහ ගොඩක් ආකාෂ් ඉදිරිපත් කලාට මොකද වර්ශට නම් ජීවිතේ කියන්නේ මහ ලොකු හිස්තැනක්..
සෛල වෙනුවට මේ ගෙවුණ මාස ගාන ගැන ආකාෂ් රිවිශන් කරද්දි පාන්දර හයයි ගාණට ජීවිතේට ඇහැරෙන්නේ නැති මනුස්සයෙක් අවසරයක් නැතුවම ආකාෂ් ගේ කාමරේට ආවේ, ආකාෂ් පුරුද්දට ද අමතක වෙලාද මන්දා හැමදාම දොරේ අඟුල ඇතුලෙන් දැම්මට එලියේ දොර අඟුලේ එල්ලෙන යතුරට පින්සිද්ධ වෙන්නයි..
" තමුසේ ඇහැරලා නේද ? "
වර්ශ පොත් දෙක තුනකුත් උස්සන් දොර වහලා ලොක් කරේ යතුර ආකාෂ් ගේ ඇද උඩට විසික් කරන ගමන්.. ඉතින් ආකාෂ් ගේ නොරිස්සුම් බැල්ම..
" මොකද "
කැරකෙන පුටුවේ වටයක් කැරකිලා ආකාෂ් බැලුවේ තාමත් ඇද ළඟ හිටන් ඉන්න වර්ශ දිහා.. කැරලි කොණ්ඩේ අවුල් කරගෙන කෝපි ඇස් වලින් වර්ශ ආකාෂ් දිහාවට ආවේ පොත් දෙක දික් කරගෙනමයි..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡