ලාවට මූණට වැටුණ ඉර එළිය එක්ක ආකාෂ් ඇස් ඇරියේ මුළු රැයකම නින්ද හොරු අරන් ගිහින් ඇස් යට ගිල්ලවලයි.. අමාරුවෙන් ඇර ගත්ත ඇස් දෙක එක්ක පපුව ළඟින් දැනුන රස්නෙට ආකාෂ් කලබල වුණේ එකපාරටම සියල්ල අමතක වූ අයෙක් වගෙයි..වර්ශ පොඩි එකෙක් වගේ ආකාෂ් ගේ පපුව අස්සේ ගුලි වෙලා හිටියේ ආකාෂ් ව කවුරු හරි හොරු අරන් යාවි කියලා හිතල වගෙයි.. එච්චර විශාල ඇදේ වර්ශ ආකාෂ් අස්සෙම නිදාගෙන හිටියේ හිතා මතාම එතනින් ඇල වෙලා වගේ..
හොලවන්න බැරි ආකාෂ් ගේ අත වර්ශගේ ඇඟට යට වෙද්දි ඒ මූණවල් තිබුණේ අඟල් ගාණක පරතරේකිනුයි.. ලාවට එහා මෙහා යන වර්ශගේ ඇස් බෝල..
" තමුසේ ඇහැරිලා නේ ඉන්නේ.. එහාට වෙනවා මඟුල.. මගෙ අත රිදෙනවා.. "
වර්ශව එහාට යවන්න අකමැති වුණත් ආකාෂ් ගේ නොරිස්සුම් හඬ..
" කන ළඟ ඉදන් කෑ ගහන්න එපා මඟුල.. ගුඩ් මෝනිම් කිව්වා නම් ඔය කට ගෙවෙනවද.. "
වර්ශ ඇස් අරින පමාව.. ආකාෂ් ට හුස්ම ගන්න එක පවා අමතක කරන ඒ කෝපි ඇස්.. ආකාෂ් ලොකු කෙල ගුලියක් ගිල්ලා..
" ගුඩ්මෝනිම්.. හරි.. දැන් එහාට යනවා.. මගෙ අත නෑ වගේ.. "
අත ගන්න දඟලන ආකාෂ්.. කට කොණින් හිනා වෙන වර්ශ..
" තමුසෙට කලින් මගෙ වෙන්න තිබ්බා ඕයී.. "
එහා පැත්තට වටයක් පෙරලුන වර්ශ.. මුකුත් ම නොකියපු ආකාෂ්.. ඇදෙන් බැහැපු ආකාෂ් එහෙමම ටවල් රැක් එකෙන් ටවල් එක අතට ගනිද්දි කන ළඟින්ම ඇහුණ වර්ශගේ කටහඬ..
" ඇයි මුකුත් නොකියන්නේ.. "
ආකාෂ් හිරිවැටිලා යන වර්ශගේ කටහඬ..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡