බිත්ති ඔරලෝසුවේ තත්පර කට්ටේ හඬ ඇහෙන්න ඇති වර්ශගේ කන් ඇතුලේ දෝංකාර දෙන්නම.. ඒ තරම් නිහඬයි මුළු පරිසරයම.. ලිවින් රූම් එකේ එකම සෝෆාවේ කොන් දෙකේ වාඩි වුණ වර්ශ එක්ක ඉන්න මිස්ටර් ටිරෝන් සේනාසිංහ.. උඩ තට්ටුවේ බාගෙට ඇරුණු දොරේ දොර රෙද්ද අස්සේ මුවා වෙලා ඉන්න ආකාෂ්.. ටිරෝන් නෙමෙයි වචනයක්වත් කතා කලේ.. වර්ශ නෙමෙයි උත්තරයක් දෙන්න තියා සමාව ගන්නවත් උත්සාහ කලේ..
වතුරට ඇලුණු ටී ශර්ට් එක දාඩිය නිසා පෙඟිලා යද්දි වර්ශ හිටියේ සුදු ටවල් එකේ එක කොණක් ඇඟිලි වලින් මිරික මිරික.. නිහඬ බව බින්දේ ටිරෝන් සේනාසිංහ..
" මාත් ආවා සර්ප්රයිස් කරන්න කියලා පුත්තු දෙන්නෙක්ව.. අන්තිමට මමයි සර්ප්රයිස් වුණේ වර්ශ.. Wht the fvck Warsha.. බන්දුල ඊයේ රෑම කෝල් කරලා මට කියද්දි උඹ ඒ කෙල්ල එක්ක තිබ්බ affair එක නවත්තලා කියලා මන් ඒත් බැලුවා උඹ හැදිලද කියලවත්.. බලන් ගිහාම මට නේ වැරදුනේ.. උඹ හැදිලා වෙන ආරෙකට.. And you know ? I don't mind if you like boys or girls, Actually I don't even care about your sexuality Warsha.. But එයා ආකාෂ් වුණේ ඇයි.. ඔයාට වෙන කෙනෙක් හිටියෙම නැද්ද.. Damn it ! "
ඒ කටහඩ හරිම ගැඹුරුයි.. අහන ඕනිම කෙනෙක් කියයි වර්ශට ඒ ගැඹුරු වොයිස් එක ලැබුණේ එයාගේ අප්පච්චිගෙන් කියලා.. ඒ වචන හරිම රළුයි.. කඩුවකින් පසාරු කරන්න ඕනි පපුව ඉදි කට්ටකින් ඇණ ඇණ කොනිති ගගහා පසාරු කරන තරම් ඒ හඬ වේදනයි.. හරි හුඟක් අඩුවෙන් කතා කරන අප්පච්චි, පුතා අතර ආයෙමත් විනාඩි කීපයක නිහඬ බවක්..
" ලෑස්ති වෙනවා තමුසෙලා දෙන්නගෙන් එක්කෙනෙක් මා එක්ක ඩුබායී යන්න.. "
ටිරෝන් කියද්දි වර්ශ ඔළුව ඉස්සුවේ ඉද්ද ගැහුවා වගේ.. ' යන්න.. කොහෙ යන්නද ' කියලා වර්ශට අහන්න හිතුනත් අප්පච්චිගේ බැල්ම ළඟ වර්ශ ආයෙම බිම බලාගත්තේ කවදාවත් ගත්තු තීරණයක් වෙනස් නොකරන අප්පච්චි එක්ක කටගහන් ගිහින් තේරුමක් නැති නිසයි..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡