අරලිය උයන !
උදේ පාන්දරට හරි අපූරුයි ස්කෝලෙම.. ඉරවත් පායලා නැති පින්න වැටෙන අහස යට ස්කෝලේ තැනින් තැන පුංචි පුංචි විදුලි පහන් දැල්වෙන්නේ හරි වෙනස් විදිහකට.. පයිනස් ගස් පෝලිම එක්ක තියන බුදු මැදුර ළඟ සුදුම සුදු පාට කුරුලු රෑනක් වගේ ළමයි එකතු වෙලා හිටියේ ආගමිකවතාවත් කරන්න.. නා ගස් සිපගෙන එන හිමිදිරි හුළඟ, ඇගම හිරි වට්ටන හීතල එක්ක ළමයි හිටියේ හරිම උද්‍යෝගෙකින්..
අවසන් වරට යන පාසල් චාරිකාව.. දහතුන වසරෙදි ළමයි ස්කෝලේ එන්නෙම නැති බයෝ, මැත්ස් සෙක්ශන් එකේ අන්තිම පාසල් චාරිකාව මේ යන්න ලෑස්ති වෙන්නේ උඩුගම් බලායි.. හැමෝම යන සීතල පැත්තෙන් මිදිලා දවස් දෙකක චාරිකාව යන්නේ ත්‍රිකුණාමල, මඩකලපු පැත්තට..
දවස් දෙකක් නිසා එන ළමයි සීමිත වුණ නිසා බස් තුනක් උපරිම පිරෙන්න ඇත්තේ මැත්ස් බයෝ කලවමේ බස් වලට බෙදලා... එක බස් එකකට ගෑණු ළමයිනුත් අනිත් දෙකට පිරිමි ළමයි.. බාර කාරයෝ නම් ඉතින් සර්ලා තුනයි, මිස්ලා හතරයි.. රැයක් නවතින්නේ ලොකු විශ්‍රාම ශාලාවක..
වර්ශ, ඩිහේන් එක්ක කොණකට වෙන්න ඉන්නකොට ඒ ළඟම හිටියේ ආකාෂ් හංසක එක්ක.. එක අතකට වර්ශ මේක නෑවිත් ඉන්න හදද්දි ඩිහේන් තමා බලෙන්ම ගෙන්නගෙන තිබ්බේ..
ආකාෂ් ගේ උපන්දින සාදෙන් පස්සේ සතියක් පුරා සෙක්ශන් එකේ ප්‍රසිද්ධ රහස ආකාෂ් - ඩිහේන් ගේ විශේෂ සම්බන්ධය.. ඒකෙන් බිදිලා ගිය වර්ශ - ඩිහේන් යාළුකම.. මොන බොරුවක්ද.. වර්ශ මේ සීතලේ වෙව්ල වෙව්ල වාරු වෙලා හිටියේ ඩිහේන්ට වෙනකොට කටකතා නම් කොච්චරක් කියලා හදන්නද කියලා හැමෝටම ඇස් පනාපිට ඔප්පු වුණා..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡