" මිනිස්සු වෙනස් වෙනවා ආකාෂ්.. "ආකාෂ් ළඟින්ම වාඩි වුණ ගනිඳු කතාවට මුල පිරුවා..
" ම්ම්... "
" මිනිස්සු හරි අපූරු විදිහට ඒ වෙනස් වීම් දරා ගන්නවා "
" සමහරවිට "
" වර්ශ වුණත් වෙනස් වුණා.. ඒක මට තේරෙනවා.. "
" ම්ම්.. "
" තව එක පාරක් හිතුවොත්.. "
ආකාෂ් ගේ තියුණු බැල්ම එක්ක ගනිඳු ගෙ වචන හිර වුනා..
" මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් ගනිඳු, හැබැයි වර්ශට බෑ.. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් ඇති ගනිඳු ඒත් මට බෑ..
කොටින්ම ඔයා කියන වචන පිළිගන්න තරම් මගෙ ආදරේ බාල්දු වෙලා නෑ.. පස්සෙන් ගිහින් ආදරේද අහන්න තරම් මට අමාරුවකුත් නෑ..
ආදරේ කියන්නේ හැඟීමකට.. නිකන් අකුරු හතරක් අල්ලන් ආදරෙයි කිව්වා කියලා ඒ හැඟීමට වටිනාකමක් නෑ.. ඔයා කියන කතා සාදාරණ ඇති..
හැබැයි වර්ශ ඒ ගොඩට අදාල නෑ.. "" ම්ම්... "
" මම ඇස් දෙකෙන් ම දැකලා තියනවා ගනිදු, එයා ආදිත්‍යා එක්ක කිස් කරනවා මම අනන්තවත් දැක්කා..
ඉතින් මම පිළිගත්තා එයා ඒ හැමදේම අමතකම කරලා දාලා මන් ළඟට ආවා කියලා මම හිස් මුදුනින් පිලිගත්තා..
ඉතින් ඔයාට මම මෝඩයෙක් වගේ පේනවද ගනිඳු.. තාමත් මාව එහෙම පේනවද.. මට ආදරේ ඉල්ලන් වැදගෙන යන්න කියලා ඔයාට කියන්න හිතෙනවද ගනිදු..
අතීතය වල දැන්මට මමත් මනුස්සයෙක්.. ඉතින් මට රිදෙන්නේ නැද්ද.. මගේ ආදරෙ ඒ තරම් විහිළුවකට ගත්ත එයා ගැන මට තියෙන්නේ කලකිරීමක්..
ඔව් ඒක හරි අමාරුයි ගනිඳු.. ඔයා හිතනවටත් වඩා.. "
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡