15

314 42 104
                                    

මහ වැස්සකට පස්සේ නතර වෙන පොද වැස්ස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මහ වැස්සකට පස්සේ නතර වෙන පොද වැස්ස.. අම්මලා කියන්නේ නම් ඒකට චුරු චුරු වැස්ස.. ඉතින් අහසට වැහි වතුර කොච්චර බර වැඩිද කියනවා නම් හවුසස් හේදිලා යන්නම වැස්ස හවස හයෙන් පස්සේ ඉදන් ලෙසටම.. වෙලාවට ස්පෝර්ට් මීට් තියලා ඉවර වුණා විතරක් වුණේ.. නැත්නම් හවුසස් හදපු එවුන්ගේ මහන්සිය ගැන ආයේ කාට කියන්නද..

පොද වැස්සටත් මඩ වෙන ග්‍රවුන්ඩ් එකේ ඩී ජේ එකට තොක් තොක් ගගා උඩ පැන පැන ළමයි නැටුවට මොකද ගනිඳුට නම් ඒ ඩී ජේ එක අතරෙත් තිබුණේ තියලත් ඉවර වුණ ඩ්‍රිල් එකේ කොස්ටියුම් අවුල.. ඔය අවුල නැටුම් කාමරේ පැත්තෙන් කවදා විසදෙයිද කියලා දන්නේ එයාලම තමයි.. එයාලා කිව්වේ ගැමුණු හවුස් එකේ වයිස් කැප්ටන්ගෙයි, තිස්ස හවුස් එකේ හවුස් කැප්ටන්ගෙයි කොස්ටියුම් අවුල..

ඒත් ඉතින් වැස්සෙත් රස පදම අඩු වැඩිව විදින ආකාෂ් ට තිබුණෙම ළමා කාලේ හැඟීමක්.. මඩ ගොඩේ ඇති වෙනකම් ආකාෂ් උඩ පැන්නේ හවුස් එකේ ජයග්‍රහනයේ සතුටටත් එක්කම.. දෙවනිතැන ගැමුණු හවුස් එකට.. ඉතින් ආයේ මොකට කියනවද, පැවතගෙන එන කට කතාව සනාථ වුණේ පිට පිට ලසන්ත සර් බාර වුණ හවුසස් වලට කප් එක හම්බෙලා..

" ආදී, එන්න දැන් ඇති.. අසනීප වෙයි ළමයෝ "

කොටු කර කපපු සුදු ගවුම ඇඟටම ඇලිලත් ආදිත්‍යා හිටියේ අහසින් වැටෙන වැස්ස දිහා බලාගෙන අත් දෙක දිගෑරගෙන.. වර්ශ මේ නෝක්කාඩු කිව්වේ තෙමෙන්න ආස වුණත් ඒකට ගැලපෙන වාතාවරණයක් එතන නොතිබුණ නිසාමයි.. මොකක් හරි හවුස් එකක ට ගහපු හට් එකකට වෙලා වර්ශ ආදිත්‍යට කතා කලේ ආදිත්‍යාට නොදැවෙනි වෙන්න වතුර බේරි බේරී උඩ පනින ආකාෂ්ටත් රව රව..

" හැමදාම මෙහෙම තෙමෙන්නේ නෑනේ විශූ.. "

ආදිත්‍යා එතනින් උඩ පැන පැනම ගියේ යාළුවොත් එක්ක.. චුරු චුරු ගාන වැස්ස.. ළමයි නිකන් පිස්සෝ වගේ දුවනවා එහාට මෙහාට..

අහස් දිය🌦️🔞✅Where stories live. Discover now