12

337 45 96
                                    

මිනිස්සු ජීවත් වෙන්නෙම ෆැන්ටසියක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිනිස්සු ජීවත් වෙන්නෙම ෆැන්ටසියක.. ඒත් ඉතින් ඒක ඔප්පු කරාම හරියට කේන්ති යනවා ඒ මිනිස්සුන්ටම... මොනදේ කිව්වත් කැගැහුවත් මිනිස්සුත් හොයන්නේ ෆැන්ටසි ආදර කතා වල සැලකිල්ල... පරිස්සම.. කොටින්ම ඒ කතා වල තියන පිවිතුරු බැදීම.. හිනායනවා නේද..

හීන මානෙන් හරි ආඩම්බරෙන් කතන්දර ගොතන මිනිස්සුන්ට හිනා යන්නෙම එහෙම කියනකොට.. පොඩ්ඩක් පොළවේ පය ගැහුවාම උන් ජීවත් වෙන්නේ හරි පරිණතයි කියන බොළඳ වචන ළඟ.. ඒත් දන්නවද.. ඒකට කියන්නේ ධෛර්‍යක් නැතිකම.. හාම්ම්.. බැනගෙන එන්න.. මේකට ඕනිතරම් තර්ක ගේන්න.. ඒත් හරි අපූරුවට පරිණතයි කියන මිනිස්සුම අද ඉන්නේ එක එක කාලවලට ගැලපෙන්න මවාගත්ත අමුතු ෆැන්ටසි වල.. ඉතින් ඒ ධෛර්‍යවන්තකමද ?

ඉතින් ආකාෂ් කියන්නෙත් මවාගත්ත ෆැන්ටසියක වයස දහ අට වෙන්න තව මාස තුනක් වගේ කාලයක් තියන පරිණතයි කියලා හිතාගෙන ජීවත් වෙන කෙනෙක් කිව්වොත් විශ්වාස කරනවද.. ඒත් ඒක සහතික ඇත්ත.. නැත්නම් කොහොමද වයස දහ අටක්වත් නොවුණ කොල්ලෙක් ළඟ මේ තරම් බර හුස්ම.. වර්ශට හේත්තු වෙලාම ආකාෂ් ඒ පිට කලේ කීවෙනි බර හුස්මද මතක නැති ගාන..

ඉතින් ඒ බැදීම දැක්කම කොහොමද කියන්නේ මේ තමා රියලිටිය කියලාම.. නෑ ඒක එහෙම නෙමෙයි.. මිනිස්සුන්ට ඕනි දැකලවත් නැති අහලවත් නැති අමුතු හැඟීම් ගේන ඕවලාකාර ලෝකෙක හරි හතරැස් විදිහට විදින ආදර කතා කියවන්න.. ඒත් මේ කියන්නේ ඒක එහෙම නෙමෙයි වඟ..

ආකාෂ් ගේ නියමයට, මනුස්සයෙක්ට පුළුවන් ලු ඕනි ම කෙනෙක්ට ආදරේ කරන්න.. හැබැයි වර්ශට බෑලු ඒ මිනිස්සු ගොඩට අයිති වෙන්න..

වර්ශ ගේ නියමයට, මනුස්සයෙක්ට පුළුවන් ලු අතරමැදි බැඳීම් ළඟ හැඟීම් උපරිමේට ම තියාගෙන ජීවිතේ විදින්න.. හැබැයි ඒ ගොඩට ආකාෂ් නැතුව..

අහස් දිය🌦️🔞✅Where stories live. Discover now