අහසේ අධික ප්‍රවේගයකින් හාමාගෙන යන සුළඟ දෙබෑ කරගෙන ගුවන් යානය ඉස්සරහට ඇදුනේ සුදු පාට වලාකුලු පවා ගුවන් යානයේ තටු වලට සිසීකඩ වෙනකොට..බිස්නස් ක්ලාස් එකේ ගුවන් ටිකට් පතට හම්බෙලා තිබුණු ජනේලේ ගාව ශීට් එකට ඒ කවුලුවෙන් පෙනුනේ ගුවන් යානයේ සුදු පාට තටුවත් එක්ක සුළඟ බදලා කපාගෙන යන සුදු වලාකුළු පිරුණු අහසයි..
පුංචි වීදුරු කවුලුවෙන් වර්ශ එළිය බලාගෙන ඇවිත් දැන් පැයකටත් වැඩි වෙද්දි ඒ ඇස් තාමත් ගැටුණේ අහස දිහාවටයි..
අහසක් තනිකරපු වැස්ස !
ඉතින් කාලයට විසදන්න ඉඩ දෙන්න ඕනි ප්‍රශ්න මිනිස්සුන්ට හම්බෙන්නේ හම්බෙනකොට එක දිඟට.. ආකාෂ් ගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයාගේ මෙමරි කවුන්ට් එක 14 ඉදන් 6 ටම බැහැලා තිබ්බේ එයාට එයාව පවා අමතක කරගෙන..
විස්තර කලොත් ඒක, මොලේ ඇතුලේ ඇති වුණ කම්පනේට මස්තිශ්ක තරලයේ ඇදුණු පුංචි ඉරකට ආකාෂ් ට තාවකාලිකව මතකය අමතක වුණාට, ඒකට හරියටම ප්‍රථිකාර වැටෙනකොට ඒ තරලය හා වුණා සතියක් ඇතුලත..
ළඟම රෝහලට ගෙනාවට හදිස්සියට ඇම්බියුලන්ස් එකකින් ආකාෂ් ව දාගෙන ටිරෝන් වර්ශ එක්ක ගියේ කොළඹ ජාතික රෝහලට.. මිනිස්සු කිව්වොත් අපාය පෙන්නන්න කියලා වර්ශ පෙන්නාවි ජාතික රෝහලේ වාට්ටු අංක 72..
මොලේට ගහපු බට වලින් බෝතල් වලට ලේ පිරෙනවා එතන ඉන්න අයගෙන් බහුතරයකගෙම.. තනිකරම ඔලුව වැහෙන්නම ගහලා තිබුණේ කහ පාට ප්ලාස්ටර් ලොකුවට.. සමහරු ඇදටම තියලා ගැටගහලා තිබ්බේ දඟලනවා වැඩිකමට.. අනිත්‍ය මෙනෙහි කරන්න හොඳයි ඒ ඇක්සිඩන්ට් වෝර්ඩ් එක..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡