විදලා තියනවද හොඳටම ඇල්කොහොල් වලින් පදම් වුණ හවස් වරුවකට පස්සේ වේදනාවෙන් විදවපු හදවතක් සැනසීමෙන් නිදාගෙන ඇහැරුණ රැයකට පස්සේ එලබෙන උදේ වරුවට දැනෙන හැඟීම.. ඒක හරිම හිස් හැඟීමක්.. ඇල්කොහොල් මික්ස් වුණ බෝතලයක්, බෝතල් එක හමාරක්, ඇස් පියවෙලා ලිමිට් නැතුවම කට තියලා බීලා ඉවර කරපු තවත් බෝතල් එක හමාරකට පස්සේ ගෙවලා දාන කලු පාට අවකාශයක අතරමං වෙන හැඟීම..
කඩින් කඩ මැවි මැවි පෙනී නොපෙනී යන ච්ත්ත රූප.. විටින් විට ඇහෙන කටහඬවල් වලට අමුණන වචන.. අවේගශීලී හැඟීම් නොදැනීම වචන වෙන අපූරුව.. ඇස් පිල්ලම් ගහන පමාවට රැය එලිවෙන ඒ හැඟීම..
ඉතින් කවදා හරි දැනිලා තියෙනවද මහ වේදනාවක් එක්ක ඔළුව ඇතුලේ පුපුරු ගහපු හැඟීම් මොහොතකින් වාතලයට නිදහස් වෙලා හිස් අවකාශයක, රික්තයක පාවෙලා නිදහසේ නිදාගෙන ආයෙමත් අවදිවෙන ඒ හැඟීම..
ආකාෂ් හිටියේ ඔළුවේ බර ගතියට වඩා ඇග පුරා උඩු දුවන වේදනාවට, ඊටත් වඩා පපුවේ ඉදන්ම එන ගෑස්ට්‍රික් දැවිල්ලට මුළු සර්වාංගෙම අඩපන වෙනකොට.. එහාපැත්තට හැරෙන්නෙවත් නැතුව ඇගේ ගෑවී නොගෑවී දැනෙන ස්පර්ශය.. ආකාෂ් ට පුළුවන් අනුමාන කරන්න.. ඒ වර්ශ කියන එක.. ඒත් ඒක වෙන්න පුළුවන් ද..
ආකාෂ් ඇස් ඇරලා බැලුවේ ඒ දිහාව.. එයාට එහා පැත්තෙන්ම කිසිම හැල හොල්මනක් නැතුව වැටිලා ඉන්න වර්ශව.. ඇදුමක් කියලා රෙදි කෑල්ලක් ගෑවිලාවත් නැතුව ඉන්න එයාලා දෙන්නා දිහාම බලපු ආකාෂ් උනේ කලබල වෙච්ච එක.. තනිකරම මෙමරි ලොස්ට් එකක් තියන ආකාෂ් ඔළුව මිරිකගෙන ඇද රෙද්ද ඇදලා දෙන්නටම වැහෙන්න දාගෙන පිට දුන්නේ ඇද වතට.. කොන්ද දිගේ එන හිරිවැටිල්ල ඇරුණම කිසිම අතුරු ආබාදයක් නැතුව හිටිය ආකාෂ් කලේ මතක් කරන්න හදපු එක.. මුනින් වැටිලා ඉන්න වර්ශගේ උරහිස උඩින් ආකාෂ් අත තියලා කතා කලේ හරිම හිමීට..
YOU ARE READING
අහස් දිය🌦️🔞✅
Non-Fiction® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡