🍁02🍁

252 16 6
                                    

අවුරුදු 14 ට පෙර

"චූටි නැගිටින්න ලමයෝ බලනවා දැන් වෙලාව කීයද"

"අනේ අම්මා නැගිටලා ඉන්නේ කෑගන්න එපානේ"

"උබ ඔය ඇස් දෙකත් පියන් ඉන්න එකට කියන්නේ නැගිටලා ඉන්නවා කියලා නම් අපි ඉන්නේ නිදාගෙනද"

"වෙන්න ඇති අනෙ "

"චූටි මන් ආයෙ කියන්නෙ නෑ නැගිටලා ඉස්කෝලේට ගිහින් ඇප්ලිකේශන් එකෙ වැඩේ බලලා එන්න දරුවෝ අද වත්"

"හරි අම්මා යන්නම් යන්නම් "

හැමදාම උදේට ඇහෙන යුද්ධ ප්‍රකාශ අද ත් අම්මා යි මායි කියවද්දී අප්පච්චි ඉන්නේ නම් මේ ගෙදර මනුස්සයෙක් නෙවෙයි වගේ නිසා අපි දෙන්නා ඇති වෙන්න කියවගෙන තමා දවස පටන් ගන්නේ..

"අම්මා කිරි එක කෝ අම්මා"

"කිරි...... උබට දෙන්න ඕනි කිරි නෙවෙයි පුන්නක්කු ටිකක් "

"අනෙ අප්පච්චි බලන්න කො මේ අම්මා උදේ පාන්දර කෑගනවා "

"දෙන්නම කටවල් පියා ගෙන ඉන්නවා ද මට කනක් ඇහෙන්න"

"චූටි අයියේ..... ඔයාවත් මේ ලමයට කියන්න ඉස්කෝලේ ගිහින් එන්න කියලා ආයෙ මොනාහරි උනොත් අපිත් යන්න එපැයි බොරුවට "

"ඌ යන වෙලාවක යයිනේ අපි ඈ ඉස්කෝලේ යන්න ඕනි ...යන එකා ඒක ගැන බලාගන්න දැන ගන්න ඕනි "

අප්පච්චි මන් දිහා ඇහැ කොනෙන් බලලා හින්ට් පාස් කරේ රවන ගමන් වෙද්දි මන් දැන ගත්තා වැඩේ පත්තු වෙන්න යන්නෙ කියලා ...ඒ නිසාම මන් කිරි එකත් අරන් ලෑස්ති වෙන්න කාමරෙ ගියේ එතන ඉදන් රෙදි  ලෙෆ්ට් කරගන්න ඕන් නැති නිසා..
මන් ලෑස්ති වෙලා එද්දි අපෙ ගෙදර කුරුලු ජෝඩුව කුස්සියේ ඉදන් ඉගිබිගි පානවා ...
මන් හිමීට එතන්ට ගිහින් අම්මා ට කතා කරද්දී අම්මා නිකන් මන් දන්නේ ත් නෑ දැක්කෙත් නෑ වගේ සයින් එකක් දීලා එහාට වෙලා ගියා..අනෙ ඉතින් මන් නොදන්න ලව් එක මේ දෙන්නගේ...

"අම්මා දැන් කියන්නේ මට තනියම ගිහින් එන්න කියලා ද"

"ඔව් උබට මෙච්චර කල් යමු කිව්වට ඇහුවේ නැත්තං තනියම යන එකයි ඇත්තේ.."

Soulmate of love Where stories live. Discover now