2032
"Professor ආදිත්‍ය ..professor "
" ආ කිශෙල් මිස් ...Good morning "
" Good morning professor...professor ඊයේ ආවේ නැත්තේ.."
"ආ ඊයේ එන්න බැරි උනා මිස්...ලීව් එකක් දැම්මා ඊයේ හදිස්සියක් වෙලා"
"අපිට නොදී පාටි දාන්නනේ ලීව් දැම්මේ.."
"අනේ ඒම දෙයක් නෙවෙයි කිශෙල්...කිශෙල් දන්නවා නේ ඉතින් මන් ඕවට වැඩිය කැමති ණෑ කියලා..."
"හරි හරි ...Wish your happy birthday professor .."
"Thanks කිශෙල්...කිශෙල් යන්න කියලද ..."
"ඔව් professor...but can i ask one things to you..."
"yess ..go ahead "
"මන් ආධිගෙන් කලින් දෙයක් ඇහුවා..තාමත් ඒ දේට කලින් උත්තරේමද ආධී ම්ම්ම්"
"කිශෙල් ...කිශෙල් දන්නවා නේ මන් ඉන්න තත්වේ.මන් හිටිය තත්වේ..මන් දන්නවා කිශෙල් නැත්තත් මන් ආධි කෙනෙක් ණැති වෙන්න තිබ්බා...ආධී කියන නම කාලෙකට කලින් නැති වෙලාම යන්න තිබ්බා..සොරි කිශෙල්..මට තාමත් උන දේවල් අමතක කරන්න බෑ ..අනික තමා-..."
" It's okay professor ..මට තේරුම් ගන්න පුලුවන්...අපි හැමෝටම අමාරු කාල තියෙනවා..professor ඕනි වෙලාවක කතා කරන්න.ඕනි දේකට මන් ඉන්නවා ආධී..."
කිශෙල්...කිශෙල් ඒම කියලා යන්න ගියේ මට හග් එකකුත් දීලා..මන් ගැන චුට්ටක් හරි දන්න එකම කෙනා කිශෙල්..මීට අවුරුදු ගානකට කලින් මගේම බැජ් එකේ හිටිය මගේ හොදම යාලුවා කිව්වොත් හරි..දිනුකට පස්සේ මට හිතට ඇල්ලුව එක යාලුවා..මම දන්න මගේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් නොදන්න අද වෙනකම් සිද්ද උන හැම දෙයක්ම දන්න එකම කෙනා..
ඩ්‍රයිරි එක කියව කියව හිටිය මට නින්ද ගිහින් තිබ්බා..මන් හිතන්නේ මට නින්ද ගිය එකත් හොදයි .මොකද මගේ ජීවිතේ සිද්ද උනු නරකම දේ තමා මට ඊලගට කියවන්න තිබ්බේ..
මන් හිතන් හිටියේ මගේ ජීවිතේ නරකම පරිච්ඡේදෙ ඉවර උනා කියලා..හැබැයි නෑ..මට වැරදිලා..මගේ ජීවිතේ නරකම කාලේ එන්නේ ඉස්සරහට කියලා එදා මන් දැනන් හිටියා නම් මට ඒ දේවල් වෙනස් කරගන්න තිබ්බා...මන් professor කෙනෙක් උනා..හිතුවේවත් නැති ජොබ් එකක්..මගේ ජීවිතේ ජීවත් වෙන්න ඕනි නිසා මන් ජීවත් වෙනවා මිස කැමැත්තකින් ජීවත් වෙනවා නෙවෙයි කියලා කිශෙල් දන්නවා උනත් එයාට ඕනි උනේ මාත් එක්ක ඉන්න...මන් මොන වගෙ කෙනෙක් ද කියලා දැනගෙනත් මාත් එක්ක ඉන්න..කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මාත් එක්ක ඉන්න..ආදරෙන් ඉන්න..ඒත් ජීවිතේ මට දැනුන එකම ආදරේ නැති උන මන් ආපහු ආදරයක් ගැන හිතන්නෙවත් කොහොමද..ලස්සන පවුලක් විදිහට අවුරුදු දෙකක් හරි ජීවත් උන මන්...ලස්සන රෝස මලක් එක්ක පුන්චි පවුලක් උන මන් ඒවා අමතක කරලා දාන්නේ කොහොමද...
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......