🍁16🍁

40 4 2
                                    

"ආධී නැගිටින්න ලමයෝ ...අපි ආවා..."

අභී ගැන හිත හිත හිටිය මට නින්ද ගිහින්..අභීගේ ගෙදර ඇවිත් මට කතා කරද්දී තමා මන් ආපහු නැගිට්ටේ...කලුවරේ උනත් මොකද මට පෙනුනා ..අභීගේ ගෙදර ලොකුයි..තට්ටු දෙකේ ගෙයක්...හැබැයි ගෙදර එලියේ ලයිට් එක විතරයි...මුලු ගෙදරටම තිබ්බ එකම ලයිට් එක ඒක වෙද්දී අභි මාවත් එක්ක ඇතුලට ගියා..හැබැයි සාලෙවත් ලයිට් ඔන් කරේ නෑ..මගේ අතින් අල්ලන් ඒමම ගියේ කාමරේලට..එයාගේ කාමරේට...ඒක කාමරයක් නෙවෙයි ..ගෙයක් ඇතුලේ ගෙයක් වගේ..මගේ කාමරේ වගේ දෙගුණයක් වත් ඇති ශුවර්..මොනා උනත් අභී පිලිවෙලට ඉන්න කෙනෙක් කියලා ඕනි කෙනෙක් ට බැලූ බැල්මට පේනවා..එයාගේ කාමරෙ ඔක්කොම වගේ තිබ්බේ බ්ලැක් තීම් එකට..අභීගේ කාමරෙ සාමාන්‍ය තරම් උස පොත් රාක්කයක් තිබ්බා..මන් ඒක ලග යන්න හැදුවත් අභී කරේ මාව මහ රෑම බාතෲම් එකට තල්ලු කරපු එක...

"ආධී හොට් වෝටර් ඇති ඇග සෝද ගන්න..නාන්න එහෙම එපා"

"ඒත් අභී ඇදුම් නෑනේ මට ..මන් කිව්වා මන් ගෙදර යන්නම් කියලා "

මන් එහෙම කිව්වම අභී කරේ එයාගේ කබඩ් එක ඇරලා අත් දිග එයාගේ ශර්ට් එකක් දුන්න එක..කිව්වට විශ්වාස කරන්න ..ඒක තිබ්බේ මගේ දනිහෙන් ටිකක් උඩට වෙන්න..කොට ජනතාව වෙනුවෙන් විනාඩියක් නිස්සබ්දතාවයක් හුම්ම්..

විනාඩි පහලවකින් විතර ඇග සේදුව මන් අභීගේ ශර්ට් එකත් ඇදන් එලියට එද්දී අභී හිටියේ එයාගේ කාමරෙ තිබ්බ ජනේලෙන් එලිය බලන්..මන් ඒමම ගිහින් එයාව පිටිපස්සෙන් බදා ගෙන එයාගේ ඉන වටේ අත් දෙක දාගත්තා..අභී මට වඩා ගොඩක් උස නිසා මගේ මූන සෙට් උනේ එයාගේ උරහිසටත් පහලින් කොන්ද මැදට වෙන්න..ඒමම මගේ අත් දෙක අල්ලගෙනම අභී මගේ පැත්තට හැරුනා..එයා මන් දිහා බැලුවා..ආපහු මට තාමත් දරා ගන්න බැරි ..තාමත් මට හුරු වෙන්න බැරි උන එයාගේ ඒ බර බැල්ම..මන් කරේ ඉක්මනට එයා ඇදන් ඉදපු ශර්ට් එකේ බොත්තමක් දිහා බලන් ඒක එහාට මෙහාට කර කර..

"කියුට්"
අභී මට කියුට් කිව්වා..මගේ නිකටෙන් උස්සලා මට චූටි කිස් එකක් දෙන ගමන් එයා මගෙ එක කනක් හරි හිමීට ඇල්ලුවා..නෑ ...හරි හිමීට පිරිමැද්දා..අභී එක දවසක් දැන ගත්තා..මගේ කන කියන්නෙ මගේ ඇගේ තියෙන සන්වේදීම තැන් වලින් එකක් කියලා ...ඒ නිසාම තමා එයා එහෙම කරන්නේ ..මට කියුට් කිව්ව අභී මාව එයාගේ ,ඉස්සරහට අපේ වෙන කාමරේ දාලා බාතෲම් එකට ගියා..මන් තාමත් ජනේලේ ලග..

Soulmate of love Where stories live. Discover now