🍁10🍁

98 9 4
                                    

රාත්‍රිය මනරම් කියා
සදට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුබත් මා ලග නැති නිසා....

"සමරෙගේ අභී තනියම නෙ සමරේ" මන් දන්නේ නෑ රනුල්‍ය ඒම කිව්වම මට ඒ වෙලේ හරි අමුතු හැගීමක් ආවා...එයා මගේ මන් එයාගේ කියලා එයාට ඕනි හැමතිස්සෙම මට මතක් කරන්න කියලා මට තේරුනා...මන් ගෙදර ආවෙ කෝමද කියලා වත් මට මතක නෑ...මොකද රනුල්‍ය කරේම මාව අව්ස්සලා අන්තිමට ආදරෙයි නොකියා ආදරේ කිව්ව වගෙ දෙයක්....සමහර විට දිනුක කිව්වා වගෙ මාව සුවපත් කරන්න පුලුවන් රනුල්‍යට උනොත්...මන් දන්නේ නෑ...මට කිසි දෙයක් තේරුන් නෑ....කවීශ්වර නිසා කැඩිච්ච මගේ හිතට ආපහු ආදරේ කියන්නෙ වහකදුරු වගේ දෙයක් උනා....

ඒත් මට කොහොමත් නොතේරුන තැන් දෙක තුනක්ම තිබ්බා...රනුල්‍ය කිව්වා ආපහු මගෑර ගන්න බෑය කියලා...දිනුක කිව්වා මන් රනුල්‍ය දන්නේ අද ඊයේ උනාට එයා ඒම නෑ කියලා...මට ඔක්කොටම කලින් දැන ගන්න ඕනි උනේ ඒ දේ උනත් මට ඒක අහන්න තරම් මීටර් නොවුනේ රනුල්‍ය කරේම මාව අව්ස්සපු එක නිසා...ආපහු ආදරයක් දැනෙන්න ඉඩ දෙනවද නැද්ද කියලා හිත හිත හිටපු මට අද ත් වෙලාව කියන්නෙ වැඩක් නැති දෙයක් උනා...

අද දවසේ කීවෙනි පැයද දන්නේ නෑ...හැබැයි රෑ වෙලා කියලා විතරක් දැක්ක මන් හිටියේ මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව...මොකද දිනුක කිව්ව විදිහට රනුල්‍ය කවීශ්වරට සමාන කරලා මන් කරන්නේ වැරැද්දක් වෙන්න ඇති හැබැයි මන් රනුල්‍යට ආදරේ කරන්න බය උනා..මොකද කවීශ්වර කියන්නෙ මට අහිමි උන මගේ ආදරේ...මන් දන්නේ නෑ මන් එහෙම කියන එක පවා හරිද කියලා... මොකද ආදරේ ආදරේ කිව්වට එක එක ආදරේ දකින විදිය බලන විදිහ වෙනස්...හැබැයි මට තේරුන එක දෙයක් තිබ්බා....ඒ තමයි මට ආපහු ආදරයක් ඇති වෙලා ඒකත් නැති උනොත් මේ පාර නම් දරා ගන්න බැරි වෙනවා කියලා...

ඉමක් කොනක් නැතුව මන් කල්පනා කරනවා...මාත් මගේ හිත හදා ගන්නම් ඔහේ ප්ලේ වෙනවා....මන් දන්නේ නෑ මට ගැලපෙන සින්දු හැමවෙලේම ප්ලේ වෙන්නේ කෝමද කියලා මට තාම හිතා ගන්න බැරි උනා...නෑ හැබැයි මේක අපි දෙන්නටම ගැලවෙනවා කියලා පස්සේ මට හිතුනා....අනිත් එක රනුල්‍ය හැමදේම දැන් ගෙන මට ආදරේ කරනවා කියලා ත් මට හිතුනා...මන් ලයිබ්‍රි එකේදී කවීශ්වර ගැන නොකියා කිව්වත් එයා ඒක වැඩිය ගන්න ගත්තේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති ....ඒක එහෙම නම් ඇයි එයා මොකුත් අහන්නෙ නැත්තේ...එයාට අහන්න තිබ්බා මගෙන්...ආපහු ආපහු එකම තැන මන් කල්පනා කරලා නතර වෙනවා....

Soulmate of love Where stories live. Discover now