.
."අභී...මොනාද ලමයෝ කල්පනා කරන්නේ ඔච්චර ?? ඈ අනේ"
"ඒම දෙයක් නෑ ආදී..මන් මේ නිකන් කල්පනා කරේ.."
"අනේ අනේ මේ ..කෝ එනවා මෙහාට මන් ලගට"
අපි ගෝල්ෆේස් ඉදලා ගෙදර ආවා..නෑ ගෙදර එන්න උනා.මොකද මට කොහෙවත් නැති කැරකැවිල්ලක් ඇල්ලුවා..ඒ නිසා අපි කරේ අපෙ ඕඩර් එක takeaway ගත්ත එක..මන්දා මට ගෙ ආව ගමන් තිබ්බ අමාරු ඔක්කොම හොද උනා..හුම්ම් ගෙදර තරම් සැපක් නෑ..ඒකයි ඒ හුම්ම්ම්...
අපි හිටියේ නුවර.මැරි කරලා නුවරින්ම අපි ගෙයක් ගත්තා...තට්ටු දෙකේ ගෙයක්...මුලු නුවරම ලස්සනට පේන තැනකින් ගත්ත ගෙදර හිටියේ මායි අභී විතරයි ..අපෙ අම්මලා හිටියේ අපෙ ගෙදරට ආවෙ නැත්තේ එයාලා කැමති උනේ නෑ අලුත බැදපු අපිත් එක්ක ඉන්න...
අභී හිටියේ මාව බදාගෙන..කොහෙන්දො නැති වැස්සක් පටන් ගත්ත නිසා සීතලකුත් තිබ්බා...ජනේලෙන් එන හුලගයි බෙඩ්ශීට් එක අස්සේ ඉන්න අපි දෙන්නයි..වැස්ස නිසාමද මන්දා අභී හැදුවේ අඩව්වක් අල්ලන්න...ගොනා හැරෙන්නේ පොල් පැලේට කිව්වාලුනේ...
"මොනාද කල්පනා කරන්නේ...මේ පැත්ත හැරෙන්නකො බබී"
"ඌඌඌඌ...කනෙන් තොල් දෙක ගන්න අභී..හිරිවැටිලා යනවා අප්පා..අනික මන් හැරෙන්නේ කොහොමද ඔයාගේ අත මගෙ ඉන වටේ තියෙද්දි...චප් ගන්නවකො ඔය අත..."
මන් එහෙම කිව්වට අභී නෙවෙයි අත ගත්තේ..එයා කරේ මාව තව ටිකක් එයාගේ ඇගට හිර කර ගෙන මගේ බෙල්ල පිටිපස්සට හාදු තිබ්බ එක..මන් හිතන්නේ මාව එකපාරින් දිය කරන්න පුලුවන් තැනක් තමා මගේ බෙල්ල පිටිපස්ස..හාදුවක් දෙකක්..ටිකක් ගැබුරු හාදුවක්..ආදරේ වැඩිපුරම දැනෙන කොට තියන ගැබුරු හාදු තුන හතරක්ම මගේ බෙල්ල පිටිපස්සට ලැබුනා..මන් කරේ අභීව උල්පන්දම් දුන්න එක..මොකද මගේ අතක් ඒ වෙද්දි තිබ්බේ අභීගේ ඔලුවේ කොන්ඩෙ අස්සෙ...
"අ..අභී.."
"ම්ම්ම්...ඇයි වස්තූ"
වොහ්!!!!! මන් ලැබුනු අවස්ථාවෙන් අභිගේ පැත්ත හැරුනා...මාව දියවෙන තවත් තැනක්..අභීගේ ඇස් දෙක...මේ වගේ වෙලාවට අභීගේ ඇස් වල අමුතු පෙනුමක්..භාගෙට පියවෙච්ච ඒ රතු ඇස් දිහා බලන් ඉදපු මට හැමදේම අමතක උනා වගේ උනා...නෑ මට හැමදේම අමතක උනා..
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......