"ආම් සෝ ඉන්ටු යූ ඉන්ටු යූ ඉන්ටු යූ...හේහේ...ඕයේ ඔජායේ ඕයේ ඔජායේ "
"චූටි පුතා මොකද දැගලිල්ල...දැන් දවස් දෙක තුනක ඉදන් නටනවා වැඩී...පාඩුවෙ ඉන්න කො ඔය අත අඩු වෙනකම්..බැරි නම් යනවා ගිහින් පාඩම් කරනවා"
"පස්සේ ආ...දැන් නම් බෑ අම්මා...බඩගිනි නෙ ..තාම අටයි..නවයට විතර ඈ"
අභී මාව කිස් කරා.අන්තිමට මගේ බෙල්ලේ අභීගේ ආදර ලකුනු දෙක තුනක් හිටලා තිබ්බා..ඒ නිසාද දන්නේ නෑ අමුතු ලල් එකක් මට ඇවිත් තිබ්බා..ඇත්තටම මන් හිටියේ සතුටින්..අභී ලග තිබ්බේ හරි අමුතු විදිහේ ආදරයක්..සමහර වෙලාවට මට වත් ඒ ආදරේ තේරුම් ගන්න බැරි උනා..මන් නම් කියන්නේ හිත බිදුන නොබිදුන හැම කෙනෙකුටම අනිවාර්යයෙන් හම්බ වෙන්න ඕනි අභී වගේ කෙනෙක්..
දවස් 2 ක් මන් ඉස්කෝලේ ගියේ නෑ.මොකද අභී කිව්වා අත අඩු වෙනකම්ම් එන්න එපා කියලා..මන් හෙට යන්න ඉදන් ආපහු ඉස්කෝලේ යන්න ඉන්නේ..තව මාස දෙක තුනකින් ක්ලාස් වල රිවිශන් දැම්මම යන්න වෙන්නේ නෑනෙ .ඒ නිසා මේ මාස දෙක තුනේ යන්න එපැයි ...අම්මා එක්ක කියව කියව හිටිය මන් කාමරේට ගිහින් එහෙමම ශර්ට් එක ගලවලා කන්නාඩියෙන් බැලුවේ මගේ ගස්ලබ්බා නිසා හිටලා තියෙන මාක් තාමත් තියෙනවා ද කියලා ..."ඌප්ස් තා ටිකක් තියෙනවා නෙ.."
මට ඒ වෙලේ ආපහු ඒ සිද්දිය මතක් උනා..මාව රතූ උනා..ලැජ්ජා හිතුනා..මනමාල හිනාවක් මට ආවා..මන් ඒමම මාක් එක අතගෑවා.අනෙ ඒක මැකෙනවට මට හරි ලෝබ හිතුනා..ඒත් ඉතින් අම්මා දැක්කා නම් එහෙම..සදා සොත්ති තමා ...ඒමම පෝන් එක ගත්ත මන් අභීට මැසේජ් එකක් දැම්මා.."Abhi mkd krnne"
"Kavd"අපි දෙන්නා ගොඩක් වෙලාවට මැසේජ් කරේම නැති තරම්.මොකද අපිට හම්බ වෙන්න කතා කරන්න පුලුවන් කම තිබ්බ නිසා අපි මැසේජ් කරේ හරිම අඩුවෙන්..හැබැයි සමහර දාට මහ රෑට කෝල් අරන් වල් පල් දොඩව දොඩව ඉදලා අන්තිමට රන්ඩු වෙලා තමා නතර වෙන්නේ..
'උදෙ ඉදන් ඕන් ඇවිත් නැ පුදුමයි'
මට අමුත්තක් දැනුනා.මොකද අභී මන් ගෙදර ඉදපු දවස් දෙකේ මැසේජ් දාලා හොයලා බැලුවා..හැබැයි අද දවසටම එක මැසේජ් එකක් වත් නෑ...කමක් නෑ හෙට ඉස්කෝලේ න් හම්බ වෙයිනේ කියලා හිතලා පාඩම් කරන්න කලින් මන් සින්දුවක් අහන්න හිතුන නිසා මන් සින්දුවක් දැම්මා...ප්‍රේම සජ්ජායනාව...
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......