🍁03🍁

227 17 3
                                    

ඒමම subject එක මාරු කරපු මන් කෙලින්ම ආවෙ නුවර වැව ලගට...නුවර ඉපදුන මට ත් නුවර වැව එපා නොවෙද්දී නුවරින් පිට මිනිස්සු මෙච්චර නුවර වැවට ආස වෙන එක පුදුමයක් නෙවෙයි ..ඔව් ලන්කාවෙ ගොඩක් දෙනෙක්ගෙන් යන්න කැමතිම තැන් ඇහුවොත් ඕකේ උඩම හරියේ අනිවාර්යයෙන් නුවර තියෙනවා... ඒක ඒම වෙන්න එපැයි මොකද නුවර කියන්නෙ හරි පුදුමාකාර නගරයක් ..වෙනදා වගෙම නුවර වැවට ලගට ආව මන් එතන බන්කුවක ඉදගත්තේ වැහි මන්දාරම පොඩ්ඩක් පොඩ්ඩක් තිබ්බත් කමක් නෑ කියලා හිතලයි ...මොකද වැහි මන්දාරම එක්ක නුවර වැව තියෙනවා කියන්න්‍රෙ එතන වෙනම ලෝකයක් වගේ දළදාවයි නුවර වැව යි කියන්නෙ ම මිනිස්සු වශී කරගන්න වෙනම තැනක් නොවුනොත් නේ පුදුමෙ ඉතින් ...

වැව ලග ඉදපු මගේ මනෝපාර එකපාර නැති වෙලා ගියේ නොහිතපු වෙලාවක මගේ උරහිස උඩ කාගේ හරි අතක් නැවතුන නිසා ...මන් ඒමම හැරිලා බලද්දී
ඔව් එයා ඉන්නවා ...මගෙ සදාතනික බලු නැට්ට හිතුවේවත් නැති වෙලාවක ඇවිත් තිබුනා ...

"අඩෝ බල්ලා උබ මෙතන ඉදන් පාරමීදම් පුරනවද "

"වහගනින්කො බන් ඔය බේස කට ඇරියොත් ඉවරයි නේ"

"ඇරියොත් නම් කෝමත් ඉවරයි තමා බන් ම්‍රෙ යන විදිහට "

"අනේ උබේ ඇරිල්ල ...මේ අහපන් දිනුකයා උබ සිරාවටද දැන් බෝයි එකට එන්නේ නෑ කියලා කිව්වෙ ..මට ඒක කියපන්"

"අහපන්කො සමරේ උබ දන්නවා නේ මන් බෝයිස් එක ඇලජික් කියලා "

"උබට ඇති ඇලජික් එකක් නෑ තොට කවුරුත් ටෝක් කරන්න නැති නිසානේ උබ ඒක එන්නේ නැත්තේ ..හා නැද්ද කියපන්"

"යසයි පොඩි බේසමා කිව්ව කතාව...මේ දිනුකයා ඉතින් මොකේ හිටියා ත් ටෝක් කරන එක ටෝක් කරනවා කියලා දන්නවා නේ ...කොල්ලො මොකද කෙල්ලො මොකද "

"අනෙ පලයන් බන් යන්න ...ඒත් සිරාවට මන් හිතුවෙ උබ මාත් එක්ක එයි කියලා බන් හිතපන්කො ඕවගේ ගිහින් තනියම ඉන්නේ කෝමද කියලා ...හිතත්දිත් මොකදෝ වගේනේ"

"අයියෝ බන් ඕක හරි යයි බන් ටික දවසකින් ..උබ උබේ ඔය සුකුමාල හිනාව දාලා අල්ල ගනිම්කො කොල්ලො ටිකක් ..ඊට පස්සෙ එකෙක් දෙන්නෙක් මට දීපන් ...හානේ ...හා කියකො ඉතින් "

Soulmate of love Where stories live. Discover now