අභි එක්ක රන්ඩු කර කර හිටිය මට නින්ද ගිහින් තිබ්බා .හැබැයි මන් හිතන්නේ මට වැඩියෙනුත් එක්ක නින්ද යන්න ඇති.මොකද මට ඇහැරුනේ අභීගේ තාත්තා ඇවිත් කෑගහනවා ඇහැලයි.
මන් ඒමම නැගිටලා දොර ලගට ගිහින් හිටියේ අභීගේ තාත්තා මොනාද කියන්නේ කියලා බලන්නයි...
"හරි දැන් තමුසේ කියන්නේ මේ කොහෙවත් යන එකත් එක්ක තමුසෙගේ එෆෙයා එකක් තියෙනවා කියලද ආ"
"කොහෙවත් යන එකා....හහ් කොහෙවත් යන එකා කියලා තාත්තා මගේ එකාට කියන්න තරම් උගේ තියෙන අඩුපාඩුව මොකක්ද ?? ආ තාත්තා "
"රනුල්ය තමුසෙගේ මොලේ හොද නැද්ද අයිසේ ඇත්තටම ...ඌ එක්ක තියෙන සම්බන්දේ අදම මේ දැන්ම තමුසේ නතර කරලා දාන්න ඕනි..එච්චරයි "
"තාත්තා කියන විදිහට මට ඉන්න තිබ්බා..හැබැයි ඒ කාලෙකට කලින්...තාත්තා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මන් ඌව අතාරින්නේ නෑ නෑ නෑම තමා"
"රනුල්ය!!!!"
"අභී!!!!!"මන් හිතන්නේ මිනිස්සුන්ගේ කල්පනාව නැති වෙලා කරන්නේ මොනාද කරේ මොනාද කියල මතක නැති වෙනවා කියන්නේ මේකට වෙන්න ඇති...දොර ලග හිටිය මන් කොහොම කොයි වෙලේ කෑම කාමරේ ලගට ආවද කියලා මන් වත් දන්නේ නෑ...
අභීගේ තාත්තා ආපහු කිසි ලෝබකමක් නැතුව අභීගේ කම්මුලට ගැහුවා..ගැහුවේ අභීට උනාට විශ්වාස කරන්න ඒක මටත් රිදුනා..ගැහුවේ අභීට උනාට ඇස්වල කදුලු පිරුනේ මගේ...ගැහුවේ අභීට උනාට කෑගැහුනේ මට...අභී නෙවෙයි හෙල්ලුනේ..අභී නෙවෙයි ගනන් ගත්තේ...මන් හිතන්නේ දුකක් දැනෙන්න කලින් සතුටින් ඉන්නවා කියන්නේ කෝම දෙයක්ද කියලත් මට තේරුම් ගියා..මොකද තාත්තා මෙතන යකා නටන්න අරන් තියෙන්නේ මොන හේතුවටද කියලත් දැනගෙන උනත් අභී කරේම තාත්තා එක්ක රන්ඩු උන එක....
"රනුල්ය තමුසෙට ඇත්තටම පිස්සුද අයිසේ...මොනාද තමුසේ මේ කරන විකාර"
"වෙන්න ඇති තාත්තා...හැබැයි මන් කිව්වා මන් ආදරේ කරන්නේ අභීට විතර යි..ඒක එදත් ඒමයි අදත් ඒමයි.."
"උබ කියන්නේ උබ මූට කැමති කියලා ද ?!!! උබ මූ එක්ක එකතු වෙලා මොනවා කරන්නද "
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......