🍁09🍁

96 10 1
                                    

දෙයියනේ !!!

රනුල්‍යට තරහා ගියා ....මොකක්ද ඇති වැඩේ ඇහුවා විතරයි තරහා ගිය රනුල්‍ය මගේ අත තව තද කරලා අල්ල ගත්තා....කට පරිස්සමෙන් !! ඒක කිව්වේ හරි හිමින් උනත්...හිමින් කතා කරපු එයා ඒක කිව්වේ ගැබුරු විදිහට නිසා වෙන්න ඇති ...දෙයියනේ මට බය හිතුනා....මන් ටිකක් පිටිපස්සට උනත් එයා ආපහු මාව ඇදලා ගත්තා...හැබැයි එක වෙලාවකවත් මගේ අත එයා අතඇරියේ නෑ....

"ආධී වචන බලාගෙන...මන් අහන්නේ මගහරින්න හේතුව මිසක්කා...වැඩක් ඇති නැති එක ගැන නෙවෙයි "

"හේතුවක් නෑ...අනිත් එක මගේ අත අතාරින්න...රිදෙනවා මට "

"එදා සිද්ද උන දේ නිසා-....."

"ඔව් දෙයියනෙ ඔව්....ඒ නිසා තමා මට බෑ තමුසෙට මූන දෙන්න..ඒක වැරදීමක් ....ම....මට...මගේ පාඩුවෙ ඉන්න දෙන්න ප්ලීස්..."

"ඔයා බය වෙලා"

"ඔව් මන් බය වෙලා ...මට දැනෙන දේට මන් බය වෙලා...ආපහු ආපහු මට ඕනි නෑ ආපහු ඒම හිතෙන්න...ආපහු එකම දේ උනොත් මට ඒක දරා ගනන් බැරි වෙයි...මන් හරි පව් රනුල්‍ය ප්ලීස්...ම්..මට්..ම්...මන් ඔය දේවල් නිසා හොදට තැලිච්ච කෙනෙක්...ආපහු බිදෙන්න දෙයක් නැති තරම් මගෙ හිත...මන් හරි අමාරුවෙන් මේම හරි ඉන්නේ...ඒ නිසා ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න ...රනුල්‍ය...."

මන් දන්නේ නෑ මන් ඒක කෝම කිව්වද කියලා ....නෑ මට ඒක කියවුනා...රනුල්‍ය එක්ක කතා කරන එක පවා මට අපහසු උනා...මගෙ හුස්ම හිර වෙන්වා වගේ ෆීලින් එකක් මට ඒ වෙලේ දැනුනා...ඒ නිසා මට ඕනි උනේ එතනින් යන්න ...හැබැයි මට එතනින් යා ගන්නවා තියා හෙල්ලෙන්නවත් බැරි උනා ....

"හරි අපි කතා කරමු"

"මොනා කතා කරන්න ද...ඔක්කොම කලින් මගේ අත අතාරින්න...ආපහු කියන්නෙ නෑ"

"මට බැ"
රනුල්‍ය ඒම කියනවත් එක්කම ආපහු ඒ කලු ඇස් දිලිසුනා...කටේ කොනේ හිනාව ආපහු ඇදුනා....

"හරි දැන් මොනාද කතා කරන්න ඕනි කියනවද...ඔයා කතා කරන්නේ එදා උන දේ ගැන නම් ඒක නිකන් උන දෙයක්...ඒක ගැන හිතන්න එපා...ඒක වැරැද්දක් ...."

"මට ඒක වැරැද්දක් නෙවෙයි නම්.."

"ඔයාට කැමති විදිහට හිතා ගන්න පුලුවන්....මට ඒකෙන් වැඩක් නෑ..."

Soulmate of love Where stories live. Discover now