මේ යන්නේ අවුරුද්දෙ අන්තිම මාස තුන හතර...එදා අභීට ආදරෙයි නොකියා ආදරේ කිව්ව වගේ වැඩක් කරපු මන් මේ වෙනකම් හිටියේ එයා එක්ක..රනුල්ය රනුල්ය කිය කිය මන් එකපාර අභීට මාරු උනා..හැබැයි කාටත් කලින් දිනුක හැමදේම දැනගෙන තිබ්බා..අභී මාව මැච් එකේදී දැක්ක බව අභී මට කැමති කියලා හැමදේම දිනුක දැනගෙන ඉදලා...හැබැයි ඒ පගා මට මොකුත් කිව්වෙ නැති එකට පස්සෙ දවසක ඌට එකට සැලකුවා..අභිගෙන් ඒ හැමදේම දැන ගත්ත දවසේ ඉදන් මන් අභීට තවත් ආදරේ කරා.තවත් එයාට ලෝබකම් කරා.මගේ කියලා දැන දැන ලෝබකම් කරා.
අනික එදා එයා මට දුන්න හාද්ද..අනෙ මන්දා මගේ නලලයි කම්මුලයි...දැන් ඒ ලපෙයි අභීගේ හාදු වලින්ම කවදා හරි දිය වෙලා යනවා....ඔව් දිනුක කිව්වා හරි අභීට පුලුවන් උනා හරි පරිස්සමෙන් මාව බලාගන්න....හරි පරිස්සමෙන් මාව සුවපත් කරන්න.කවීශ්වර කියන නම පවා මට අමතක වෙන්න ඇති..මොකද කවීශ්වර ගැන මතකයක් නැති වෙන්නම අභී කරේ අපි දෙන්නගේ මතක වලින් මාව පුරවපු එක...මායි අභී...දිනුකයි සාතන් කාරයයි..අපි හතර දෙනාම හිටියේ ගොඩක් වෙලාවට එකට...මොකද අපි හතර දෙනා අපි හතර දෙනාට නැතුවම බැරි උනා...ඉස්කෝලේ ආවෙ ගියේ ක්ලාස් ගියේ හැමදේම එකට...අපි සමහර දාට අපෙ ගෙදර පාඩම් පවා කරා...මොකද අපි මොන දේවල් කරත් එක්සෑම් එක ගැන අපි හතර දෙනාගෙම ඔලුවේ තිබ්බා....අපි හිටියේ ග්රවුන්ඩ් එකේ...කෝච් කාරයා ගිරිය පුප්පන් හෙට මැච් එක ගැන කියනවා...ඔව් අපි ප්රැක්ටිස් උන වින් කරන්න බලන් ඉන්න මැච් එක තියෙන්නේ හෙට...ඒ කියන්නේ මාස ගානක දේවල් හෙට දවසේ අපි පෙන්නන්න ඕනි ....හැබැයි මන් හිටියේ වෙනම මනෝපාරක...මොකද අද රෑට අපි ග්රවුන්ඩ් එකේ ඉන්න හිතුවා...අපි කිව්වේ ටීම් එකේ ඉන්න ලමයි ටික...අපි ඔක්කොම 15ක් විතර හිටියා..මැච් එකට බැහැලම මහන්සි වෙලා ප්රැක්ටිස් කරවපු නිසාද මන්දා කෝච් කාරයා මුලින් අකමැති උනත් පහු පහු වෙද්දී කැමැත්ත දුන්නා...ඉතින් අපි හිතන් හිටියේ ගිනි ගොඩක් ගහලා කෑම මොනාහරි ඕඩර් කරලා සින්දු වක් දෙකක් කියලා නටලා රෑ වෙලා ගෙදර යන්න මොකද හෙට මැච් එක අපි වින් කරන්න හිතන් හිටියට අපි හිතන හැමදේම මේ ලෝකේ වෙන්නේ නෑනේ ...
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......