.
.
.
.
ඉස්කෝලේ ආවට පස්සෙ උදේ පීරියඩ් දෙකම ඉගැන්නුව නිසා තුන් වෙනි පීරියඩ් එක කට් කරන්න හිතුවේ උදේම තිබ්බේ කොරියන් නිසා..මොනා උනත් හද බැතියෙන් හරිම කැමැත්තෙන් කරන එකම විශය නේත කියලා මතක් වෙද්දී කට් කරන්න හිත දෙන්නේ නෑ අයියෝ....ඒ හින්දම තුන් වෙනි පීරියඩ් එකේ english මිස් එන්න කලින් පයින්න හිටියත් දිනුකයා පන්තිය මැද්දේ කෑගැහුවේ අහවල් එකටද කියලා තේරුම් ගන්න බැරි උන මන් හෝන්තු මාන්දු වෙලා ඌ දිහා බැලුවා..."මොකද ශීබල්සෙක්කියා කෑගන්නේ"
"උබ උබ- උබ මොනාද ඔය කියන්නේ කියහන් ඔක්කොටම කලින් ශීබා මොකක් කියලා ද කිව්වේ..."
"මගේ ආදරේ කැගහන්නේ ඇයි කියලා ඇහුවේ...."
මන් ඒම කිව්වත් දිනුක මට දිහා බැලුවේ තෝ ඔය කියන්නේ ඇත්තමද කියන බැල්මෙන් උනත් මන් හරි ශේප් එකේ ඌව මගඇරලා කතාව වෙනස් කරා.."ඇයි දැන් බෙරිහන් දුන්නේ....යමන්කො කොහෙ හරි මිස් එන්න කලින් ....කෝ නැගිටපන් ඉතින් ...."
"එක්ක යන්න තමයි ආවෙ උබව....යමන් මැච් එකට කට්ටිය ගන්නවා ....අපිත් නිකන් සෙල්ලම් කරලා බලමුකො බන් ...."
"අනේ මට බෑ බන් ඕවා දන්නවා නේ...අනික උබ හිතනවද වෙච්ච දේවල් එක්ක් අපෙ අම්මලා ඕවට කැමති වෙයි කියලා ...."
"ඒ දසනායක කෝච් වගේ නෙවෙයි බන් ඔක්කොම ....ඌ එහෙම කරාට සස්පෙන් උනානේ ඌ..."
"එහෙම උනාට බන් ඌ අතින් එදා මට මොනාහරි උනා නම් මොනාද කරන්නේ කියහන්කො....උබ නම් කියයි මට බෑ බන් ...."
"හරි හරි අපි නිකන් ගිහින් සෙල්ලම් කරමු....ටීම් එකට එන්න බෑය කියම් ඉතින් ...ඕක මහලොකු දෙයක් ඈ...."
"හැබැයි මොනාහරි උනොත් උබව කනවා මන් හොදේ..."
"අම්නේ මයේ මැනික වරෙන් මොකුත් වෙන්නේ නෑ..."
ඒම කිව්ව දිනුක මාවත් ඇදන් මිස් එන්න කලින් ටීම් එකට කට්ටිය සිලෙක්ට් කරන තැන ගියත් එකපාර මාවයි දිනුකයි දැක්ක රනුල්ය යි සාතන් කාරයයි මූනට මූනට බලන් අමුතු හිනාවක් දැම්මා....
'මේ රනුල්ය කාරයා සිරාවට මගෙ එකාට ලයින්වත්ද....අයි අයියෝ වසලා හමාරයි එහෙම උනොත් ...'
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......