chapter 9

396 66 25
                                    

" ආහ්..වූ....  "

" ශාන්.. "

" උඩබලාගෙන ද යන්නෙ ප#$# "

වැදුනා පාරක් අය මට නිකන් ඔලුව වටේ විකට් කණු කැරකෙනවා වගේ. දෙකක් දුවන්නම් කියලා දුවගෙන ගියා තමා බෝල් දාපු එකා එතන උඩ පැන පැන නටන්න ගිහින් පාඩුවේ දිව්ව මගේ ඇගේ හැප්පුනානේ. හැප්පුන පාර කොච්චර හොදද කියනවනම් ඌවත් පෙරලගෙන මන් බිම පතබෑවුනා. මගේ වෙලාවට අරූගේ අවේලාවට වෙන්න වැටුනත් යන්තන් බැට් එක ඉරෙන් එහාට ගිහින් තිබ්බේ. වෙලාව නැත්තන් මුන් ඒ ටිකට මාව run out කරනවා. ඒත් හොදම දේ ඒක නෙවේ. වැටෙනවත් එන්නම් මෑන්ගේ සපත්තුව බබා වගේ වැදුනා දකුණු අතේ. ආය තරු පෙනුනා කියන්නේ තව ටිකෙන් ශුද්ද සිංහල ශබ්ද කෝෂේ සෑහෙන වචන ගානක් කියවෙනවා මට.

හරියට වැදුන පාරේ සැර කියන්න වගේ මට කෙදිරි ගෑවෙද්දී එහා පැත්තට දිව්වා රුක්ශාල් මගේ නම කියලා කෑ ගහනවා ඇහෙද්දි තමා තේරුනෙ අත තුවාලත් වෙලා කියලා. කොහොමද සනීපේ ස්පොට් සපත්තුවක අඩියක් ලෙසටම වැදුනම. වාහ් හරිම උදාරයි. අන්තිමට අතින් ලේ එන්නම පාරක් වැදිලා තියෙද්දිත් කැ#$ බංගලියා මගුලක් කියාගෙන ආවානේ. හරි උදාරයි කියන්නේ මට දැනෙනවා දැනෙනවා වගේ කාලිගේ පොඩි පුතා මට වැහීගෙන එනවා. ඇයි යකෝ ඒකා උඩ බලාගෙන දුවපු මගේ ඇගේ වැදිලා මගේ අතත් තුවාල කරලා තව කියවගෙනත් එනවා.  අම්මපා තව වචනයක් හරි කිව්වොත් නෙලනවා කියලා බැරි බැරි ගාතේ නැගිට්ටේ අරූට හොදම එකෙන් පිච්චිලා යන්න රවලා.

" මොනවද බලන්නේ ...... "

" උඹේ මොනවා බලන්නද ඇගේ හැප්පුනානම් ආඩුවේ කටපියන් හිටපන් "

මට මුන්ව පේන්න බෑ දැන්නම්. වැරැද්දක් උනානම් පිලිගෙන සමාවගන්නවා නෙවේ තව වලියට එනවා. අර යකා මට අත පය දික් කරගෙන කියවගෙන එද්දි මාත් අතට බම්බු ගහගන්න කියලා බැට් එකත් උස්සන් ඒ පැත්ත හැරුනේ තව වචනයක් හරි කිව්වොත් බැට් එකෙන්ම දීලා අදිනවා කියලා. ඕන්නම් මැච් පහක් විතර තහනම් වෙලා දඩයක් වැටෙයි එච්චරනේ. මොකටද බොරුවට කතා අහගන්නේ වැරැද්දක් නැතුව.

ඒත් කොහෙද අප්පා අර යකා අත දික් කරගෙන එද්දි සාම දූතයෝ ටික කඩා පැන්නනේ. රුක්ශාල් පන්නන් ඇවිත් මගේ අතින් අල්ලගද්දි බංග්ලාදේශයේ සෙට් එකම අරූව අල්ලන් ඇදගෙන ගියා. එක අම්පයාර් කෙනෙක් හරියට දොස්තර වගේ කරක කරක මගේ අත දිහා බානකොට මන් බලාගෙන අනිත් අම්පයාර් බනිනවා අර බංග්ලාදේශයේ පොරට. වෙන මොකක්වත් හින්දා නෙවෙව් රණ්ඩුවට අපු එකට. මොකද ක්‍රීඩාවේ මහත්මා ගුණේවත් තියන්න මුන් දැනගන්න එපැයි.

Hat Trick Where stories live. Discover now