chapter 3

601 87 39
                                    

" මලහත්තිලව්වයි රංජනී......... කොකනට් මිල්ක් වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් දාලද බන් කිරි උතුරන්නේ "

සිරා මන් බය උනා බන්. කොහෙද අපේ කවිදු අයියා පෙන්නපු තැන තිබුනේ දඩාරි සයිස් ෆ්‍රෙශ් මිල්ක් බෝතල් දෙකක්නේ. අතිශය ප්‍රථම වතාවට කිරිබත් කියද්දි මට හිග් ගෑවුනා. අවුලක් නෑ හැබැයි රසය තියෙයිනේ.  කොකනට් හරි කව් හරි ඕන මගුලක් කිරිනේ බන් ආ නැද්ද.

" එව්ව් බූරූ පැටියා. ඒක නෙවේ යකො මේක. අරවා බොන්න ගෙනාපුවා. ඒ මන්දා උබත් මෙහෙට අඩිය තිබ්බ වෙලේ ඉදන් ට්‍රැක් "

ඕ... ඉතින් කලින් කියන්න එපැයි යකූ මන් දන්නවද. ඒත් කල්පයියේ ඔයාට එක තැනක් නම් දරුණුවටම වැරදුනා හලෝ. මොකද මගේ ට්‍රැක අවුට් මන් දන්න තරමින් අම්මගේ බඩෙන් එලියට ආපු වෙලාවේ ඉදන්. ඒකට හේතුව නම් අනේ මන්දා අපේ කිරි අම්මා නම් කියනේ මන් ඇස් ඇරපු ගමන් එකටම දැක්කේ හොස්පිට්ල් එකේ ඉන්න නට් ලූස්ම නර්ස් නෝනලු ඒකයිලු. ඒකත් බලන්නකෝ නේ කොච්චර උදාරයිද.

උදාරයි උදාරයි .... බට් දැන් ඒවා වැඩක් නෑ. මේ වෙලාවේ මට තියන දැවෙනම ප්‍රශ්නේ කිරි කොහෙන්ද මුට්ටි කොහෙන්ද කියන එක. කෝකටත් කියලා අපේ කැපා වලං පිගන් එහෙමත් උස්සන් ආවද දන්නෙ නෑ එද්දි. ඒ ඔක්කමත් හරි බරගානක් ඉන්නවනේ මෙතන. දැන් කිරි උතුරන්නේ කවුද. කවුද අනේ ඒ උදාර වැඩේට අතගහන්නේ. මෙහෙමයි මටත් ඕන්නම් ගිනි කූරක් ගහලා ලිපේ තියන්න නම් පුලුවන් ඇවිලෙයිද කියන එක තමා ප්‍රශ්නේ. මොකද ගින්දර මට බයයි හලෝ.

හරිම කියුට් අප්පා. හිච්චියට ලිපකුත් බැදලා. ඒත් මුට්ටිය පොඩී යකූ. දැන් ඕකේ හදන කිරිබත ඇද්ද බොල මේ හැමෝටම. ම්හුක් මගේ බඩටත් මදිවෙයි ඒ ටික. ඉතින් කොහොමද ටික ටික හරි ඔක්කටම ගිල්ලන්නේ. අනික අපේ කෝච් මුට්ටිය දිහා බලාගෙන ඉන්නේ හරියට අතිශය ප්‍රථම වතාවට කිරි මුට්ටියක් කසාද බදින්න හිතිලා වගේ. ඇස් පිය නොහෙලා බලන් ඉන්නේ.

" මේ වදුරෝ... දැන් කවුද බන් ලිප පත්තු කරන්නේ. එතකොට නැකත කීයටද බන් "

" කවුද දන්නෙ බන්. ඒ...... කල්පයියේ..... "

" හරියට නම කියපන්කෝ ශානෝ... මට කුණුහරුප ඇහෙනනෙ බන් "

hat Trick Where stories live. Discover now