chapter 13

404 69 30
                                    

දුටුවා ලස්සන ඇස් දෙකක්
ගැස්සුනා මගෙ ආඩම්බර හිතත්
ගැහුනේ මගෙ හදවතත් ඇයිද
ඒ කොපි ඇස් අද්දර සිතමි මං තවත්

මුතු කැට වගේ ඇස් දැක නැ මං මින් පෙර
මටත් නොදැනීම මං සොයනවා යලි වරක්
දන්නවා ද නුබ ඉතිං මං සොයන බව ඔය ඇස්
නොහිතන මොහොතක ඇවිදින් මගෙ අබියස

දුටුවානේ එක් රුවක් දෙවියනේ ඒ ඔහු
ඇස් දෙකේ හිමිකරු සුරදුතයෙකී ඔහු
සත්තයි මට අමතක කරා මාවම ...
ගැහෙන හදවත තාමත් වාරු නෑ වගේ මට

කැප්ටන් යිබෝගෙන් බේබි ෂෙන් ට

deepika-priyadarshni අක්කගෙන් 🥰❤️ thank you අක්කේ...

✳✳✳✳✳✳✳✳✳✳✳✳




ඒ ඇස්... අහම්බෙන් එදා දැකපු.... මගේ නින්දත් නැති කරපු ඇස් දෙකේ අයිතිකාරයා එතකොට.....

" බේබියා ....... "

" මොකා....... බේබියා ... කවුද අරුශ් අයියේ බේබියා.... "

" ආ... වැඩිය හිතන්න එපා බන්. දන්නේ නැද්ද ඔයා අපේ පපා වගේ බෝල් කරන නිසා මෙයාලා ඔයාට කියන්නේ බේබි ෂෙන් කියලා "

" ආහ්හ්.... මේ ඔයාගේ අයියද "

" නෑ.. නෑ.... මේ අපේ අයියගේ අතිජාත මිත්‍රයා සෙමියොන්. ඔහොම දැන් මොකාදෝ වගේ බලන් හිටියට පොර ලුතිනන් කෙනෙක් "

" වාව් .... නියමයිනේ. නයිස් ටු මීට් යූ මිස්ට.."

" nice to meet you too කොල්ලෝ. මන් ඔයාගේ හොද ෆෑන් කෙනෙක්. බංගලි සීරියස් එකේ වැඩ කෑලි මරු ආ "

" ඔහ් තැන්කිව් අයියා. කමක් නෑනේ එහෙම කිව්වට "

" කමක් නෑ කොල්ලෝ "

" ම්ම් නියමයි නියමයි. ජෝඩුව පස්සේ වෙලාවක කියවන්න. අභියෝ ඔය අනිත් පැත්ගේ ඉන්නේ ලොක්කා වගේ පොරක් ඒ තමා අපෙ පපාගේ දෙවෙනි පුතා. කර්නල් , තාවිශ් අශේර් වංග් යිබෝ . ඩෑල් එක කැප්ටන් කෙනෙක්. පොඩ්ඩක් ගෑස් ඉතින්.....  ඒ ලොකූ ... ඔයා හැමදාම අහන්නේ කවුද මේ අපි කියන බේබියා කියලා. මේ ඉන්නේ එයා තමා. ලංකාවේ යක්ක පුතෙක්. ශාන් අභිරුශ් නෙලීශ. මටනම් ඉතින් අභියා"

" nice to meet you කැප්ටන් "

මනුස්සයෙක්ගේ ඇස් දෙකකට පුලුවන් ද මෙච්චර පැහැදිලි වෙන්න. හරියට .... කොහොමද දෙවියනෙ තේරුම් ගන්නේ .... හරියට ඒ ඇස් ඇතුලේ ගිලෙන්න හිතෙනවා වගේ. කළු දුඹුරු පාට... නෑ හරියටම බැලුවොත් කෝපි පාටට හුරු ඇස් දෙකක්. හීනී දිග ඇස් පිහාටු.... ගානට තියන ඇහි බැමි ....  ඒවා කළු පාටයි හරියට අදුන් ගාලා වගේ. මන් හිතන්නේ කෙල්ලෙක්ටවත් නැතුව ඇති එච්චර ලස්සන ඇස්පිහාටු. ඒ මූණ.... ඒ හිනාව... දෙවියෝ හරි නිවිහැනහිල්ලෙ මවපු රූපයක් වගේ.  ඔක්කමත් හරි තොල් වලට යටින් තියන පුංචි මෝල් එක.....

Hat Trick Where stories live. Discover now