chapter 31

404 51 34
                                    

"  දැන් උම්බ කියන්නේ මොකුත් නෑ කියලා "

" ඒක තමයි මනුස්සයෝ මන් මෙච්චරලා කියන්නේ "

" දැන් එහෙමයි නේද අභියෝ.... "

" කොහොමද අනේ.... මන්දා අරූ අයියේ අද නැගිට්ටේ ඇදේ මොන පැත්තෙන්ද "

" කියනවද නැද්ද "

" මොනාද බන් අයියේ මේ ආපු වෙලේ ඉදන් අහන්නේ "

" දැන් එතකොට කියන්නේ නෑ ? "

" මොනවද "

" කියන්නේ නැද්ද "

" මොනාද යකඩෝ අහන්නේ "

" ඊයේ රෑ .... මේ කාමරේ අස්සේ ..... "

" ........... "

උත්කෘෂ්ටයි විශිෂ්ටයි අනර්ඝයි මනස්කාන්තයි උදේ පාන්දර කාමරේට රීරී යකා ආවා වගේ...  ඒත් ආවී රීරී යකා නෙවේ අරූ යකා... ආවා විතරයි සිරිලංකාවේ අතිගරු 225 මහතැන වැහුනා වගෙ කියවනවා කියවනවා මොනවා අහනවද මන්දා...

මෙහෙමයි ඔය අහන්නේ මොකක් ගැනද කියලා ඉතින් නොදන්නවා නෙවෙ මේ දරුවා ඒ උනාට .... ම්හුක් එහෙම ඕන නෑනේ නේ අනික ඉතින් කියන්න මොකුත් නෑනේ.. අපි දෙන්නා අපි දෙන්න ගැන කතා කරා විතරයි නේ. එයා කරන වැඩ මන් කිව්වා. මන් කරන දේවල් එයාට කිව්වා එච්චරයි. ඊට වඩා මොකිත් කිව්වේ නෑනේ. නාරංගෙඩි දෙකක් විතර සයිස් මගේ මොලේට කියපු වෙන කතාවකුත් මතක් වෙනවා ඉතින් ඒත් ඒවා මෙතන්ට ඕනෙ නෑනේ නේ... නෑනෙ නෑනේ... ඒවා පෞද්ගලික කතානේ මන් කියන්නේ.

දැන් ඒ පෞද්ගලික කියන එක පොදු කියන වචනේ රිප්ලේස් කරන්න අපේ අරූ අයියා කුකුලා කරේ තියාගෙන කාමරේට කඩා පාත් උනේ නැතෑ තාම මන් දත්වත් මැදලත් නැ රංජනීඊඊඊඊඊ. මිස්ටර් ආරුශ් බොසාගේ විත්ති කූඩුවේ නැගලා.. ඌ මාව මඥ‍ං කරනවා මන් ඌව මඥං කරනවා. මොකද එච්චරට ලස්සන සංවේදී සංවාදයක්නේ අපි දෙන්නා අතරේ යන්නේ.

ඔය පෙනවනේ... ඒපාර කාමරේ අස්සේ..... මොනමගුලක්ද මේ යකා මේ අහන්නේ. මන් ඉතින් අහන එකක් අහපන්කෝ කියලා කට පියාගෙන හිටියා. අම්මේහ්.... ඒ පාර ආපහු රිපීට් කරලා අහපු එක, වෙලාවට කටේ මොකුත් තිබ්බේ නෑ. නැත්තන් අපිජිව්හිකාවට පිස්සු හැදෙනවා කරන්න ඕනේ මොකක්ද හිතාගන්න බැරුව..

hat Trick Where stories live. Discover now