chapter 33

400 48 31
                                    

" අප්පටසිරි ...... හිකනලාටම ඔප්පුවෙච්චාවේ .. මේන් බලාපන්කෝ කල්පයියේ "

" මොකො බන් "

" පුංචි පවුල රත්තරන් කියාල තුන්දෙනා දපනේ දාලා මැච් එකක් කනවා බන්. පිගානක් තියනවා තවත් මොනවා හරි කාලා වyai "

" අනේ යකෝ අපරාදේ මගේ බුරියානිය. මේකා තනියෙන් හිතෙ ගින්දරේ ඇති කියලා බිත්තරේ විතරයි යකු ඒකේ හරියට කෑවේ. තෝ පොඩි පගයා මෙතන ඉදන් හොදට ගිල ගිල මැච් බලනවා. කිසි හැගීමක් නෑ අපි ගැන. මන් අහන්නේ හරිද මේ වැඩේ ආ"

" හරි ... ඇයි දැන් මොකෝ "

" හරි ජැන් මොචෝ චමා... අහකට පල පොඩි එකා මගේ එකා සෙල්ලන් කරනවා බලන්න... ආ කැප්ටන් පොඩ්ඩක් සයිඩ් ප්ලීස් හලෝ "

" සෙමියොන් අයියා එහාට පල ඕක මගේ කොට්ටේ "

" උඹේ කොට්ටේ වෙන්නේ කොහොමද මේක බේබියගෙ කාමරේ "

" උගේ කාමරේ මගේ කාමරේ වගේ තමා. අනික ඕක මගේ කාමරෙන් මේ කාමරේට ගේනව කොට්ටේ එහාට පලයාආආආන් ... කෝ ප්‍රිත්වි අයියා එන්න මෙයා මෙතන්ට අවසාන ටික මැච් එකේ "

" සෙමියොන් අයියා පොඩ්ඩක් ඕලුව එහාට ගන්නකෝ පේනේනේ නෑ හරියට "

බලපන් රංජනීඊඊඊඊඊ සොදුරු මොහොත කන්න පාත්තයෝ රැලක් ගොඩබෑවනේ මෙතනට. මාව දාලා ඇවිදින්න ගිහිල්ලා හොදට ගිලලා දැන් ඇවිල්ලා මෙතන සද්දෙ දානවා.

ආරු අයියයි කල්පයියායි මදිපාඩුවට ප්‍රිත්වි සෙමියොන් ජෝඩුවයි කඩාගෙන බිදගෙන කාමරේට ආවේ නැතෑ මැච් එකේ උච්චතම අවස්තාවේ හෙනම සීරියස් වෙලා හිටිය අපි තුන්දෙනා උඩ ගිහින් ස්ලැබ් එකේ වදින්නේ නැතුව යන්තන් බේරුනේ. මොකද උච්ච ස්වරයෙන් අරූ අයියා දෙසන්න ගත්තම කල්පයියා උගේ බුරියානියක් ගැන කියවන්න ගත්තනේ. බුරියානි වලින් තොර ලොවක් නෑ මේකට. දවසක හැදෙන ලෙඩේ හොයාගන්න බුද්දධාස රජතුමාව වලෙන් ගොඩ අරන් පන දෙන්න වෙනවා අපිට.

කුමක් කරන්නද රත්තරන් ..... දවසම ඇවිදලා මහන්සී වෙන්න සෙට් එකට. අන්තිමට කියවලා ඉවර වෙලා කාමරේ ෆුල් සර්ච් පාරක් දාලා මටත් සද්දෙ දාලා පස්සට පයින් පාරකුත් ඇනලා කල්පයියා ඇවිත් මායි කැප්ටනුයි හිටිය මැදට බහිරවයා වගේ කඩාපාත් වෙලා ඉදගත්තෙ නැතෑ කැප්ටන්ගේ මූණ ඔහෙක් වෙලා.

hat Trick Where stories live. Discover now